Home » ශ්‍රී ලංකා ක්‍රිකට්: අමාත්‍යාංශයට භාරදුන් අභියාචනා 14ක් අතුරුදන්

ශ්‍රී ලංකා ක්‍රිකට්: අමාත්‍යාංශයට භාරදුන් අභියාචනා 14ක් අතුරුදන්

by Nirodha Gamage

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය නිලවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධව විරෝධතාව දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයට භාරදුන් අභියාචනා 14ක් අතුරුදන් වී ඇතැයි අනාවරණය වී තිබේ. 2021 -2023 කාලසීමාව සඳහා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් තෝරා ගැනීමට පැවැති නිලවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිපදෙනකුට එරෙහිව ගොනු කළ විරෝධතා නිලවරණ කමිටුවෙන් ප්‍රතික්ෂේපවීමෙන් පසුව මේ අභියාචනා ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් වී තිබේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලිඛිත නියෝගයක් ලබා දී තිබුණද අභියාචනා කමිටවුක් පත් නොකිරීමෙන් වසර දෙකක පමණ කාලයක් පුරා එම අභියාචනා විභාගයට ගැනීමට නොහැකිවී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වුවද වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතු සත් පුද්ගල අභියාචනා කමිටුව පත් කිරීමෙන් පසු එතෙක් විභාගයට ගැනීමට නොහැකිවූ සියලු අභියාචනා සොයා බැලීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ක්‍රිකට් ආයතනයේ පසුගිය නිලවරණය සම්බන්ධව ඉදිරිපත් වූ අභියාචනා 14ක් අතුරුදන්වී ඇති බව අනාවරණය වී ඇත්තේ ඒ අනුවය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions