Home » ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – ජනාධිපති මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – ජනාධිපති මාධ්‍ය අංශය

by Nipuna Fernando

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි.

ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්‍රතිශත යටතේ වාණිජ ණය ලබා ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බවයි රජය පෙන්වා දෙයි. එම නිසා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) ලබාදෙන සහනදායී ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් තාවකාලිකව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලෝක බැංකුවට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඔක්තෝබර් 11 දිනයේ දී ලබාදී තිබේ. අවදානමට ලක්ව ඇති රටවලට සහනදායී ආධාර ලබාදෙන ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) කටයුතු කරන අතර ඒ අනුව අතරමැදි සහනදායි ණය වැඩසටහන (Reverse graduation) ඉතා කෙටි කාලයකට පමණක් අනුගමනය කිරිමට තීරණය කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එයට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

a
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions