Home » ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදය විසදීමට රුසියාවෙන් බලාගාරයක්

ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදය විසදීමට රුසියාවෙන් බලාගාරයක්

by Plus One

පසුගිය වසර කිහිපයක සිට බලශක්තිය ජනනය හා පරිභෝජනය ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන බරපතල ගැටලුවකි.

අක්‍රමවත් සැලසුම් කිරීම්, වැඩිවන ඉල්ලුම නිසි ලෙස බලධාරීන් පුරෝකථනය නොකිරීම, අසාර්ථක ජනන ව්‍යාපෘති, සහ බලශක්ති වෙළෙදාමේ තිබෙන දූෂණය හා මාෆියාව හේතුවෙන් අසරණ ශ්‍රී ලාංකිකයන්ට බලශක්තිය පරිභෝජනය හිසරදයක් වී ඇත.

විශේෂයෙන්ම විදුලිය නිෂ්පාදනයේ සිට අවසාන පරිභෝජනය දක්වා විශාල වංචා ප්‍රමාණයක් සිදුවේ. එම නිසා මේ වන විට ආසියාවෙ වැඩිම විදුලි ඒකකයකට ගෙවන මුදල ගෙවන්නට ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට සිදු වී ඇත.

කෙසේ හෝ මෙයට පිලියම අඩු නිෂ්පාදන පිරිවැයක් සහිතව විදුලිය නිෂ්පාදනය කිරීමයි. නමුත් එවැනි නිෂ්පාදනයන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට දරාගත නොහැකි ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ.

මේ මොහොතේ පැරණි මිතුදම් යලි යලිත් සිහි කරමින් රැසියාව විසින් ශ්‍රී ලංකාවට නෂ්ඨික විදුලි ජනන බලාගාරයක් ලබා දීමට පසුගිය වසරේ යෝජනා විය.

වසර ගණනාවක් ශ්‍රී ලංකාව හා රුසියාව අතර පැවති සබදකම් නිසා 60/70 දශකයන්වල දී ශ්‍රී ලංකාවට බිලියන ගණනක ඍජු ආයෝජනයන්, කර්මාන්ත හා තාක්ෂණය හිමි විය.

මේ මොහොතේ අසීරුකම් දහසක් මැද දිවෙන ශ්‍රී ලාංකික ආර්ථිකයට මෙම නෂ්ඨික විදුලි ජනන බලාගාරය ඉදිකිරීමට හැකි උවහොත් මහගු පිම්මකි.

මෙම බලාගරය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාල ඊයේ (10) වන දින ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමන් සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති මහාචර්‍ය එස් ආර් ඩි රෝසා මහත්මා අතර හමුවක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්‍යාලයේදී පැවති බව තානාපති කාර්‍යාල මාධ්‍ය කණ්ඩායම දන්වා සිටි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions