Home » ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දමලා – ඇන්ග්ලිකන් සභාව

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දමලා – ඇන්ග්ලිකන් සභාව

by Nirodha Gamage

රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් රටේ පවතින පිරිහෙන තත්ත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව ලංකා සභාව සිකුරාදා ප්‍රකාශ කළේය.

“රට පාලනය කිරීමේ වගකීම පැවරුණු අයගේ ප්‍රතිපත්තිමය වැරදි, දූෂණය, නාස්තිය සහ වැරදි කළමනාකරණය නිසා රට බංකොලොත් වූ බව අපි කවුරුත් දනිමු. නිවැරදි දේ නියම වේලාවට කළේ නම් එය වළක්වා ගත හැකිව තිබූණා. දැන් ඉතා වේදනාකාරී ආර්ථික ක්‍රියාමාර්ගවලින් ජනතාව හිර වී ඇත,” පල්ලිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ශ්‍රී ලාංකිකයන්ගෙන් අතිමහත් බහුතරයක් බුද්ධිමත් හා වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවක් බවත් තෝරාගත් දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ නොසැලකිලිමත්කම සහ උඩඟුකම හේතුවෙන් ඔවුන් මේ වන විට දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

එම ප්‍රකාශයේ සම්පූර්ණයෙන් පහත දැක්වේ: “පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබාදීම අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දෙන අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාමාර්ගයකි.

දෙසතියකට පමණ පෙර නිදහස් දිනය නිමිත්තෙන් රාජ්‍ය වියදමින්, තම ආශාවකට අනුග්‍රහය දැක්වූ රජයට මැතිවරණයකට මුදල් ලබාදීම අත්හිටුවීමට සදාචාරාත්මක අයිතියක් නැත.

“බාහිර ණය හිමියන්ට ණය පැහැර හැරීමේ තීරණය රජය ප්‍රකාශ කර වසරකට ආසන්න කාලයක් ගත වී ඇත. බාහිර ලෝකයට කළ යුතු වගකීම් පැහැර හැරීමෙන් පසුව පවා මැතිවරණයකට අරමුදල් සැපයීමට නොහැකි බව පවසන ඕනෑම රජයකට තවදුරටත් ධුරයේ සිටීමට නීත්‍යානුකූල බලයක් නොමැත. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැය ලේඛනයේ දක්වා ඇති පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට සම්පත් ලබාදීමට කඩිනම් පියවර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

“ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක ප්‍රධාන ලක්ෂණය වන්නේ නියමිත වේලාවට නියෝජිතයන් තෝරා ගැනීමට පුරවැසියන්ට අවස්ථාව ලබා දීමයි. එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම තුළින් තහවුරු වන්නේ අප දැන් සිටින්නේ ඒකාධිපති පාලනයකට යටත්ව බව ය. ජල ප්‍රහාරවලින් සහ කඳුළු ගෑස්වලින් පෙළපාලි විසුරුවා හැරීමට පොලිස් නිලධාරීන් දහස් ගණනක් යෙදවීම සරලවම විසඳුම නොවේ. මේ ආර්ථික අවුලෙන් රට ගලවා ගැනීමට බලයේ සිටින කිසිඳු ආන්ඩුවකට කිසිදු පාර්ශ්වයකින් සහාය ලබා ගැනීමට නොහැකි වනු ඇත. ඉදිරි දේශපාලන හා ආර්ථික අභියෝගවලට මුහුණ දීමට රටට සමගිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි.”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions