Home » ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු දියුණුවක් පෙන්නුම්කරනවා – ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු දියුණුවක් පෙන්නුම්කරනවා – ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා

by Plus One

පසුගිය සමයේ🫂ජපානය සමග නැතිවූ හොඳ හිත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිනාගත් බව දෙදින නිල සංචාරයකට මෙරටට පැමිණ ඇති ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (H.E. Mr. SUZUKI Shunichi) පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ ශ්‍රී ලංකාව එහි පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ මෙම අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට ලක්ව තිබෙන බවත් ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි (Suzuki Shunichi) මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය තුළ පවතින මෙම ධනාත්මක තත්ත්වය සුභවාදී බවත්, ඒ තුළ ශ්‍රී ලංකාව කෙරෙහි නිල සහ පෞද්ගලික යන දෙඅංශයයේම ණයහිමියන්ගේ ජාත්‍යන්තර විශ්වාසය වැඩි දියුණු කිරීමේ හැකියාව පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

ජපාන නියෝජිත පිරිස ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions