Home » ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාදයෙන් කොරියානු රැකියා අර්බුධයක්

ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාදයෙන් කොරියානු රැකියා අර්බුධයක්

by Nirodha Gamage

කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය ඊයේ(20) දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා එම ශ්‍රමිකයින් කණ්ඩායම කොරියාව බලා පිටත් කර යැවීමට නොහැකිව තිබේ.

කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාද වීම නිසා කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

කොරියානු රැකියා සදහා පිටත්ව යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් කර යැවීමට අවශ්‍ය සියලුම කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සූදානම් කර තිබුණි. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය නිසා ඔවුන් ඊයේ දිනයේදී කොරියාවට නොඑවන ලෙසට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දී ඇත.

පසුගිය මැයි 23 වැනිදා මේ ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ප්‍රමාද වූ අතර එම ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ්‍රශ්‍රමිකයින් කොරියාවට භාරගැනීම එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළේය.

මේ ආකාරයට කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා ප්‍රමාදයට පත්වීම බරපතල තත්වයක් වන අතර මේ නිසා කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව අමාත්‍යවරයා පවසනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions