Home » ශ්‍රී පාද අඩවියේ වෛරසයක් ?

ශ්‍රී පාද අඩවියේ වෛරසයක් ?

by Nirodha Gamage

ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් අතර වෛරසයක් පැතිර යන බවට සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන් ද සොයිසා පවසනවා.

පසුගියදා ශ්‍රී පාද අඩවියේ වෙළෙඳසලක් පවත්වාගෙන ගිය 56 හැවිරිදි කාන්තාවක මරණයට පත්ව ඇත. ලිස්ටීරියා නමැති බැක්ටීරියා රෝගය ආසාදනය වීමෙන් පාචන රෝගය හා සමාන රෝගයකින් ඇය මියගොස් ඇති අතර එය සමාජය තුළ ව්‍යාප්තව නොමැති නිසා ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවිය යුතු බව ඔහු කියා සිටියේය.

ශ්‍රී පාද අඩවියේ වෙළෙඳසල්හි අලෙවි කරන ආහාරපාන සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිතර විමර්ශන සිදු කරන බවත්, බැතිමතුන් ආරක්ෂා වීමට වග බලා ගත යුතු බවත් ඔහු කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions