Home » ශවේන්ද්‍ර සිල්වාට මාළිමාවේ සහය

ශවේන්ද්‍ර සිල්වාට මාළිමාවේ සහය

by Nirodha Gamage

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි තමන්ට ඇගයීමක් ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.

පසුගිය වසරේ ඇතිවූ ජනතා අරගලය මැඩ පැවැත්වීම සදහා වෙඩි තැබීම හමුදාවට අණ නොදීම සම්බන්ධයෙන් එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා තමන් ස්තූතිවන්ත වන බවත් ජනතාව වෙනුවෙන් එවැනි තීන්දුවක් ගැනීම අභියෝගාත්මක කාර්යයක් බවත් එය ඔහුගේ මානුෂික ගුණාංග හෙළිකරන බවත් අනුර දිසානායක පැවසීය .

ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව දැනට පරීක්ෂණ සිදුකෙරැනද ඉදිරියේ පිහිටුවන තම ආණ්ඩුව යටතේ ඔහු එම චෝදනාවෙන් නිදහස් කරන බව ද දිසානායක පැවසීය.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මෙම අදහස් පළ කළේ නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions