Home » ශවේන්ද්‍ර ගැන තවමත් CID පරීක්ෂණයක් නෑ

ශවේන්ද්‍ර ගැන තවමත් CID පරීක්ෂණයක් නෑ

by Nirodha Gamage

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ප්‍රමුඛ කමිටුවේ නිර්දේශය පරිදි හිටපු යුධ හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තවමත් පරීක්ෂණ ආරම්භ කර නොමැති බව පොලීසිය ඊයේ (27) ප්‍රකාශ කළා.

2022 මැයි 9 සහ 10 යන දෙදින තුළ දිවයින පුරා පැවති මහජන රාජ්‍ය විරෝධී විරෝධතා සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලදී රාජ්‍ය බුද්ධි අංශ, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරන ලද යම් යම් අතපසුවීම් පිළිබඳව සොයා බැලීමට පත් කරන කමිටුව මගින් ඉහත කී දිනයන්හි උසිගන්වන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ජෙනරාල් සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions