Home » ශරීරයේ සංවේදනයන් වින්දනය කරන ලිංගික භාවනාව…

ශරීරයේ සංවේදනයන් වින්දනය කරන ලිංගික භාවනාව…

by Nipuna Fernando

ලිංගික භාවනාව Tantric Sex හෙවත් තන්ත්‍රයානික ලිංගිකත්වයෙ යෙදෙන මෙම ලෝකඩ බුද්ධ ප්‍රතිමාව 19 වන සියවසට අයත් වෙයි. මෙය yab-yum බෞද්ධ සංකල්පය ලෙස ලෝකය පුරා අවධානයට ලක්වී ඇත. Tantric යනු තන්ත්‍රයානයි. බුදු දහමේ තෙවැදෑරුම් සම්ප්‍රදායයන් අතරින් එකකි. එය මහායාන සම්ප්‍රදාය මත ගොඩනැගුනකි. මෙය වර්ධනය වී ඇත්තේ පැරණි හිංදු දහම සහ තන්ත්‍රයානික අදහස් එකට මුසුවීමෙන් බව සලකයි.
නමුත් ථේරවාදී බුදු දහම තුළ තන්ත්‍රවාදය පිළිගැනීමට ලක්වන්නේ නැත. ථේරවාදී බුදු දහම තුළ ලිංගිකත්වය වැනි භෞතික බැඳීම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට බාධාවක් සේ සලකයි. තන්ත්‍රයානික ලිංගික ක්‍රියාකාරම් ඉතා මන්දගාමීය. එය තුළ භාවනාවක ලක්ෂණ පැහැදිලිව ඇතුළත් ය. ලිංගික එක්වීමක අවසන් අරමුණු සුරතාන්තය වුව ද තන්ත්‍රයානික ලිංගිකත්වයේ අවසන් අරමුණ එය නොවේ. එහිදී සිදුවන්නේ ලිංගික එක්වීම සහ ශරීරයේ සංවේදනයන් වින්දනය කිරීමය. ලිංගික ශක්තිය සිරුර පුරා ගමන් කරවීම තුළින් සුවපත්බව, ශාරීරික පරිණාමනය සහ විමුක්තිය ළඟාකරගැනීම තන්ත්‍රයානික ලිංගිකත්වයේ අවසන් අරමුණ වේ.

උපුටනය : worldbeyondworld, buddhamuseum, britannica
ලෝක පුරාවිද්‍යාව හා ඉතිහාසය

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions