Home » “වෙළඳපොල අර්ථක්‍රමයට මානුෂිය මුහුණුවරක්” – මට පෙර රට වැඩ අල්ලයි (VIDEO)

“වෙළඳපොල අර්ථක්‍රමයට මානුෂිය මුහුණුවරක්” – මට පෙර රට වැඩ අල්ලයි (VIDEO)

by Nirodha Gamage

“මට පෙර රට” තේමාව යටතේ දියත් කරන නව ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ එළිදැක්වීම ඊයේ (17) වැනිදා බත්තරමුල්ලේ පිහිටි නව ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට එක්වෙමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකු වූ සහ “මට පෙර රට” ජාතික තරුණ ව්‍යාපාරයේ සම සභාපති මහීල් බණ්ඩාර දෙහිදෙණිය මෙසේ කියා සිටියා.

“රාජපක්ෂ කියන එක අද සංස්කෘතියක් බවට පත්වෙලා තියනවා, රාජපක්ෂ කියන එක අද වාදයක් බවට පත්වෙලා තියනවා.
රාජපක්ෂ කියන එක සමාජ පරිහානියට ගෙනියපු තරුණ පරම්පරාවට ජිවිතයක් නැතිකරපු පිළිලයක් බවට පත් වෙලා තියනවා.

ප්‍රශ්න දැනේනේ අපිට, රාජපක්ෂලාට ඒවා ගානක්වත් නැතිව හිටියා ඒ නිසා තමයි පහුගිය කාලේ සියලු දෙනා එකතු වෙලා ගෝඨාභයට යන්න කිව්වේ. ගෝඨාභයට විතරක් නෙවෙයි යන්න කිව්වේ රාජපක්ෂලා සියල්ලට යන්න කිව්වේ හැබැයි අන්තිමට රාජපක්ෂලා එයාලගේ අන්තිම තුරුම්පුව පාවිච්චි කරා එයාලගේ ඉන්න හොඳම යාලුවා රනිල් වික්‍රමසිංහ භාවිතා කරා, අද ඔහු ජනාධිපති..

රනිල්ගේ එකම උත්සාහය රාජපක්ෂලා ආරක්ෂා කරමින් පැවතී දේශපාලන ගමන ඒ කියන්නේ රාජපක්ෂ සංස්කෘතිය ඉදිරියට ගෙනියන්න.

රනිල් වෘත්තිකයන්ට බදු ගහලා, පහළම පන්තියේ ජනතාවට විදුලි බිලෙන් ගහලා දැක්කේ නෑ වගේ අහක බලාගන ඉන්නවා.

ඒ නිසා රනිල් වික්‍රමසිංහලා යන මේ ගමන වෙනුවට අපි තෝරගන තියනවා මැද මාවතක් අපි හිතනවා මේ වෙළඳපොල අර්ථක්‍රමයට මානුෂිය මුහුණුවරක් අවශ්‍යයි කියලා.ඒ වගේම පරිහානියට ගිය සංස්කෘතිය නිවැරදි දිශානතියකට ගෙනියන්න ඕන කියලා, අපි එහෙම හිතනවා විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් ක්‍රියාකාරිව කටයුතු කරනවා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී හා නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම, අරගලයේ ක්‍රියාකාරීන් ඇතුළු දිවයින පුරා විසිර සිටින “මට පෙර රට” ජාතික තරුණ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් එක්ව සිටියා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions