උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා දේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන නවක සිසුන් සඳහා බැඳුම්කර අත්සන් කිරීමේ ක්‍රමයක් යෝජනා කර තිබේ. විශ්වවිද්‍යාල දේපළවලට හානි නොකරන බවටත් විශ්වවිද්‍යාල භූමිය තුළ කලකෝලාහල ඇති නොකරන බවටත් ශිෂ්‍යයන් ලවා බැඳුම්කරයකට අත්සන් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙය සමාජ ගිවිසුමක් බවත් කොන්ත්‍රාත් කඩ කරන සිසුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.