Home » විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු අද

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු අද

by Plus One

අ.පො.ස. උසස් පෙළ – 2021 (2022) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු හෙට (02) නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසනවා.

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ඉතිහාසයේ අයදුම්පත් කැඳවීම අවසන් කර ඉතා අඩුම කාලයකින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කරනු ලබන්නේ මෙවර වීමද සුවිශේෂි සිදුවිමක්.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයඳුම්පත් කැඳවා අවසන් කර මාස 02යි සතියක් ඇතුළත කඩඉඩම් ලකුණු නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

පසුගිය උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළේ ඉකුත් අගෝස්තු 28 දා වන අතර, එම ප්‍රතිඵල අනුව සැප්තැම්බර් 05 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයඳුම්පත් කැඳවා එය සැප්තැම්බර් 23 අවසන් කෙරුණා.

අ.පො.ස. උසස් පෙළ – 2021 (2022) විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 236,035ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 36,647ක් වශයෙන් අයදුම්කරුවන් 272,682ක් පෙනී සිටි අතර, එයින් 171,497ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලබා තිබුණා.

එසේ විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා අවම සුදුසුකම් ලැබූවන්ගෙන් 149,946ක් පාසල් අයදුම්කරුවන් වන අතර, 21,551ක් පෞද්ගලික අයදුම්කරුවන් වනවා.

මෙවර විභාගයේ ප්‍රතිඵල මත රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිත සිසුන් සංඛ්‍යාව 42,519ක්.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions