Home » විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර

විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර

by Nirodha Gamage

පසුගියදා පැවති විරෝධතා අතරතුර විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වන පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ සම්බන්ධයෙන පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අවාසනාවන්ත සිදුවීමක් සිදුවීමට පෙර ශිෂ්‍ය සංගම් සහ ආරක්ෂක අංශ අතර සාකච්ඡාවක් සඳහා පහසුකම් සැලසීමට පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් ඝාතනය කිරීම් කිහිපයක් සිදු වූ බවත් එවැනි අවාසනාවන්ත සිදුවීමක් යළිත් සිදුවුවහොත් එය එක් දේශපාලන පක්ෂයකට පමණක් නොව මුළු රටටම මහා විනාශයක් ගෙන දිය හැකි බවත් ඔහු පැවසීය

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions