Home » විමල් ඩලස් මෛත්‍රී සංධානය කොට උඩ

විමල් ඩලස් මෛත්‍රී සංධානය කොට උඩ

by Plus One

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනැගීමට යෝජිත වූ නව දේශපාලන සංධානය සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී ඇත. පහුගිය සතියේ ඔවුන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පරිදි විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු උත්තර ලංකා සභාගය, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා ඇතුලු නිදහස ජනතා සභාව හා මෛත්‍රීපාල සිරිසේන සමග නිදහස් පක්ෂය මෙලෙස සන්ධානගත වීමට සූදානම් විය. ඒ අතර ඔවුන් මෙලෙස සන්ධානගතව එලෙබෙන පළාත් පාලන මැතිවරණයට එකට මුහුණ දෙන බවද කියා සිටිය.

2020 මහමැතිවරණයේදී වියත්මග නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මහාචාර්ය ජී එල් පීරිස් මහාචාර්ය චරිත හේරත් ආචාර්ය නාලක ගොඩහේවා ආදි නිදහස ජනතා සභාව නියෝජනය කරන පිරිස මේ වන විට විමල් වීරවංශ මහතාගේ උත්තර ලංකා සභාගය හා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීමට මැලි කමක් දක්වන බව සදහන් වෙනවා. මීට හේතුව ලෙස ඔවුන් සාකච්ඡා කර ඇත්තේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා මෛත්‍රීපාල සිරිසේන වැනි අය සමග සන්ධානගත වුවහොත් තමන්ට මේවන විට තිබෙන ජනප්‍රසාදයද දිය වී යනු ඇති බවයි.

එක් පසකින් එය සත්‍ය කතාවක් බව අපටද වැටහේ. පාස්කු බෝම්බ ප්‍රහාරයේදි ජනතාව බේරා ගැනීමට නොහැකි වූ මෛත්‍රීපාල සිරිසේන ගැන සමාජ මාධ්‍ය තුල ඇත්තේද හාස්‍ය පමණි.එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගෙ ලගින්ම සිටිමින් රාජපක්ෂවරුන්ගේ දෑත් ශක්තිමත් කල විමල් වීරවංශ හා උදය ගම්මන්පිල සම්බන්ධයෙන් ද ජනතාව තුල ඇත්තේ හොද හැගීමක් නොවේ. මෙලෙස ජනතාව විසින් පිලිකුලෙන් යුතුව හෙලා දකින පිරිසක් සමග සන්ධානගත වීම හෝ එකට ඉදීමද හොද ලකුණක් නොවම බවට නිදහස ජනතා සභාවේ ටයි කෝට් මහත්වරුන්ට තේරී ඇති බවට වාර්තා වනවා.

මේ අනුව පසුගිය සතියේ දයාසිරි ජයසේකර හා විමල් වීරවංශලා මාධ්‍ය හා ජනතාවට සිංහ ගෝෂා දමා කල සන්ධානය මෙලෙසින්ම මල පිපින්නට කලින්ම පරවෙන හැඩයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions