Home » විදේශිකයින්ට ජීවත්වීමට ලොව සුදුසුම නගරය ලෙස ස්පාඤ්ඤයේ Valencia පත්වෙයි

විදේශිකයින්ට ජීවත්වීමට ලොව සුදුසුම නගරය ලෙස ස්පාඤ්ඤයේ Valencia පත්වෙයි

by Plus One

විදේශිකයින්ට ජීවත්වීමට සහ රැකියාවක නිරත වීමට ලොව සුදුසුම නගරය ලෙස ස්පාඤ්ඤයේ Valencia නගරය නම් කර තිබෙනවා.

ලොව විශාලතම විදෙස්ගත ප්‍රජාව නියෝජනය කරන InterNations නම් සංවිධානය විසින් ලොව පුරා රටවල නගර 50ක් යොදාගනිමින් 2022 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම ලැයිස්තුවේ පළමු තැනට ස්පාඤ්ඤයේ Valencia නගරය තේරී ඇති අතර, දෙවන ස්ථානයට ඩුබායි නගරයත්, තෙවන ස්ථානයට මෙක්සිකෝ නගරයත් තේරී පත්ව තිබෙනවා.

එසේම විදේශිකයින් සඳහා ජීවත්වීමට නුසුදුසු නගරවල පළමු ස්ථානයට පත්ව තිබෙන්නේ අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරය වන අතර දෙවන ස්ථානයට ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් නගරය හා තෙවන ස්ථානයට ප්‍රංශයේ පැරීසිය පත්ව තිබෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions