Home » විදුලි බිලට එරෙහිව Don’t Pay කොළඹ හොල්ලයි

විදුලි බිලට එරෙහිව Don’t Pay කොළඹ හොල්ලයි

by Nirodha Gamage

අසාධාරණ ලෙස ඉහළ දමන ලද විදුලි බිලට එරෙහිව රටපුරා පවත්වන මහජන විරෝධතාවයන්ට සමගාමිව කොළඹ නගරය කේන්ද්‍රගත කරගනිමින් පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවේ තෙවැන්න ඊයේ (03) කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී විශාල ජනතා සහභාගිත්වයකින් යුක්තව පැවැත්වුණා. මේ සඳහා ප්‍රදේශවාසින් සමග ගාලු මුවදොර අරගලකරුවන්ද එක්ව සිටියා.

වැඩිවන ජීවන වියදම, බදු වැඩි කිරීමට සමගාමිව විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ජනතාව බරපතළ පීඩාවකට ලක්ව සිටිනවා.

උද්ඝෝෂණයට එක්වූ ප්‍රදේශවාසින් සඳහන් කරන්නේ මාර්තු 15 වැනිදා තමන් අතට පත්වීමට නියමිත විදුලි බිල, මතුව ඇති ආර්ථික ප්‍රශ්න හේතුවන් සමාජය තුළ සියදිවි නාසාගැනීම් පවා ඇති වීමට හේතුවක් විය හැකි බවයි. දුප්පත්කමේ පහත්ම අඩියේ සිටින ජනතාවට මෙලෙස සිදු කිරීම මගින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට එරෙහිව බරපතල වෛරයක් සමාජය තුළ නිර්මාණය වෙමින් පවතින බවත්, ජනතාවට සහන සැලසිය යුතු මොහොතක මෙවැනි දේ කිරීම මගින් නැවත අරගලයකට ජනතාව දෙවරක් නොසිතා සම්බන්ධ වන බවත් ප්‍රදේශවාසින් පවසනවා.

මේ අවස්ථාවට එක්වූ අරගලයේ ක්‍රියාකාරී ධානිෂ් අලි මෙසේ කියා සිටියේය.

” අපි අරගලකාරයෝ, රනිල් රාජපක්ෂ හිතාගන ඉන්නවනම් අපි අරගලය නවත්තලා කියලා එක වෙන්නේ නෑ, අපි එදා එකතු වුණේ ජනතාව මේ දූෂිත ක්‍රමයෙන් ගලවගන්න, අපි හිරගෙවල් වල ගියේ සමාජ වෙනසක් වෙනුවෙන්, ඒ සටන අපි දිගටම ගෙනියනවා.අපි කියන්නේ අසාධාරණ ලෙස වැඩි කරලා තියන විදුලි ගාස්තුව අපි ගෙවන්නේ නෑ, අපිට ගෙවන්න බෑ කියලා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions