Home » විදුලි බල මණ්ඩලය ලබන සතියේ සිට ප්‍රතිව්‍යුහගත කෙරේ

විදුලි බල මණ්ඩලය ලබන සතියේ සිට ප්‍රතිව්‍යුහගත කෙරේ

by Nirodha Gamage

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ලබන සතියේ සිට ම ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID සහ JICA ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහාඔවුන්ට ලබා දිය හැකි සහය පිළිබඳව මේ වන විට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ඉදිරි දැක්ම ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අවසන් පනතට පෙර ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිසංස්කරණ ලබන සතියේ ආරම්භ කරන බවත් අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව පෙරේදා (මාර්තු 10) සාකච්ඡා කළ බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions