Home » විදුලිබිලට එරෙහිව රට පුරා Don’t Pay

විදුලිබිලට එරෙහිව රට පුරා Don’t Pay

by Nirodha Gamage

අසාධාරණ ලෙස වැඩි කරන ලද විදුලි බිලට එරෙහිව ඊයේ මාර්තු (01) වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර ඉදිරිපිට රාත්‍රී 8.00 ට පමණ විරෝධතාවයක් සිදු කෙරුණා. මෙම විරෝධතාවයට ගාලු මුවදොර අරගලකරුවන්, සමාජ ක්‍රියාකාරීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු මහජනතාව සහභාගී වී සිටියා. ඔවුන්ගේ මූලික සටන්පාඨය වී තිබුණේ Don’t Pay යන්නයි.

විරෝධතාකරුවන් පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ කොළඹ නගරය තුළත් රට පුරාත් මෙම අසාධාරණ විදුලි බිල වැඩිවීමට එරෙහිව උද්ඝෝෂණ ක්‍රියාත්මක වනු ඇති බවයි. විදුලි ඒකක 90 අඩුවෙන් භාවිතා කරන අවම ආදායම් ලබන පිරිස මෙම අසාධාරණ විදුලි බිල වැඩිවීම නිසා පිඩාවට පත්ව ඇති බව සඳහන් කරන විරෝධතාකරුවන් මාර්තු 15 වෙනිදාට ලැබීමට නියමිත විදුලි බිල සමස්ත මහ ජනයා මහා මාර්ගයට ගෙන්වනු ඇති බව කියා සිටිනවා.

Photo Credit : LankaSri

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions