Home » විජේදාසගේ ටෝකට සරසවියෙන් ටොක්කක්.

විජේදාසගේ ටෝකට සරසවියෙන් ටොක්කක්.

by Plus One

රාජ්‍ය විශ්වවිද්‍යාල අද වන විට අයාලේ ගොස් ඇතැයි පවසමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරලීමට පිඹුරුපත් සපයන අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයන් හරි අපූරුවට එළිදක්වමින් සිටි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නිදහස් අධ්‍යාපන අයිතීන් අමුවේ උල්ලංඝනය කරමින් උපාධි කඩ බිහි කරලීමට අවශ්‍ය සියලු කටයුතු අද වන විට සකස් කොට හමාර ය. පසුගිය දිනක ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවක දී ජනාධිපති නීතිඥ යැයි පවසන විජේදාස රාජපක්ෂ පවසා සිටියේ අද රටේ පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල දහසයක පමණ ප්‍රමාණය විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය නොවන බව ය.
විශ්වවිද්‍යාලවලට අවශ්‍ය පරිදි නිදහස අයුතු විදිහට භාවිතා කරමින් විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රියා කරන බවයි.ශ්‍රී ලාංකික සමාජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධාන ආයතනය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (1978) අංක (16) දරණ විශ්වවිද්‍යාල පනත යටතේ 1978 දෙසැම්බර් මස (22) වන දින පිහිටුවාගත් අතර එහි අරමුණ ලෙස විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සැලසුම් කිරීම හා සම්බන්ධීකරණය උසස් අධ්‍යාපන ආයතනවලට අරමුදල් වෙන් කිරීම, අධ්‍යාපන ප්‍රමිතීන් පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලන නියාමක සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍ය ඇතුළත් කිරීම වැනි වැදගත් කාර්යභාරයන් රැසක් ඉටු කරනු ඇත. නමුත් අද වන විට ආණ්ඩු පක්ෂය උසස් අධ්‍යාපන ආකෘතියම අයාලේ යන බව පවසමින්න් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව අහෝසි කරලීමට මාන බලනු ඇත. ඒ හරහා සී.ඩබ්ලිව්.බ්බ්ලිව් කන්නන්ගර වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයින් බොහෝ කැපකිරීම් කොට හඳුන්වාදුන් නිදහස් අධ්‍යාපනය වලළමින් මුදල් මත යැපෙන උපාධි කඩ බිහි කරලීම සඳහා ආණ්ඩුව ගන්නා වෑයමේ නිරුවත හෙළිවනු ඇත.

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ පවත්නා අධ්‍යාපන ක්‍රමය විවේචනය කරන විජයදාස රාජපක්ෂ පැවසූයේ මෙම විශ්වවිද්‍යාල තුළ ඉගෙන ගන්නා සිසුන් උපාධිය අවසන් කොට තවත් වසර දෙක තුනක් හෝ හතරක් රැකියාවක් නොමැතිව ලතවෙමින් රජයට විරුද්ධව උද්ඝෝෂණය කරන බවයි. නමුත් පක්ෂය විසින් ඒම ප්‍රශ්න සඳහා කිසිදිනක විසඳුම් ඉදිරිපත් නොකරනු ඇත. සිසුන් පිට වරද පටවා අත ගසා ගැන ගැනීමට ඔවුන් සෑම අවස්ථාවකම කටයුතු කෙරේ.එක් පැත්තකින් විද්‍යාල සිසුන් මෙලෙස විවේචනය කරන රජය අනෙක් පැත්තෙන් විද්‍යාල ආචාර්යවරුන් ද දැඩි සේ විවේචනය කරනු ඇත. මසකට පැය 20ක් පමණ ගැන්වීම් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරු ලක්ෂ තුන හතරකට අධික මුදලක් උපයන බව විජේදාස රාජපක්ෂ පවසයි. ආචාර්යවරුන් හා විශ්වවිද්‍යාල තුළ පවත්නා ප්‍රශ්න ගැන කතා කළහොත් “විශ්වවිද්‍යාල දරුවන්ගේ උපාධි සහතිකේ ගැන මිනිසුන් ප්‍රශ්න කරයි යනුවෙන්“ පෙර පැවති වැඩසටහන තුළ විජයදාස රාජපක්ෂ පවසයි. මෙයින් මෙකී නිවට පාලකයන් අදහස් කරනුයේ විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු නොවන බවත් ආචාර්යවරුන් ඉගැන්වීම් කටයුතු නිසි පරිදි ඉටු නොකරන බවත් පවසමින් රජයේ විශ්ව විද්‍යාල දැඩි සේ හෙළා දැකීමට පාලක පක්ෂය කටයුතු කෙරේ. විශ්වවිද්‍යාලයක් යනු යම් විෂය මාලාවකට පමණක් යටත් නොවී පර්යේෂණ, ප්‍රායෝගික අත් හදාබැලීම් කරමින් සමස්ත සාජයම පුස්තකාලයක් බවට පරිවර්තනය කරගනිමින් අධ්‍යාපනය ලබන ප්‍රායෝගිකව අධ්‍යාපනය ලබන තැනකි. ඒ තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ගේ කාර්යභාරය ඉතාමත් විශිෂ්ට ය. ආචාර්යවරයෙකු දායකත්වය මුදලින් හෝකාලයේ පැය ගණනින් මිල කළ නොහැකි තරමේ වටිනා මෙහෙවරක් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු විද්‍යාල පද්ධතිය තුල සිදු කරනු ඇත.
විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකුගේ සේවය මුදලින් හා ශ්‍රම පැය ගණනින් මිල කළ හැකි නම්.දේශපාලඥයින්ගේ සේවයට හිමිවන වටිනාකම පිළිබඳ අපි කතා නොකරම එය සමාජයට බාරදිය යුතු ය. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශග ගතවීමෙන් ජනතාවගේ මුදල් ලක්ෂ ගණනින් වියදම් කරන බවත් ඔවුන් නැවත ලංකාවට නොපැමිණෙන බවත් පවසමින් ආචාර්යවරුන් දැඩි සේ විවේචනයට ලක් කරයි. එසේ ආචාර්යවරුන් විදේශගත වූ විට ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව ආණ්ඩු පක්ෂය පවසනවා නම් එලෙස උගතුන් මේ රට හැර විදේශගත වීමට හේතු මොනවා ද? රට සහ සර්ව සාධාරණ අයුරින් පාලක පක්ෂය විසින් පාලනය කරනවා ද? යන ප්‍රශ්නය සොයා බැලීමට විජයදාස රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් කටයුතු කෙරන්නේ ද? අහිංසක ජනතාවගේ මුදල් ලක්ෂ ගණන් කෝටි ගණනින් සූරාකෑම් සහ සොරකම් කිරීම්වලට ලක්කරන දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපයන් විවේචනය කරනවා වෙනුවට රටට සේවයක් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සේවය පිළිබඳ විවේචනය කිරීම සිනහවට කරුණකි. ලෝකයේ පවත්නා හොඳම විශ්ව විද්‍යාවිද්‍යාල (500-1000) අතරටවත් අපේ රටේ විශ්වවිද්‍යාලවලට පැමිණීමට නොහැකි වූයේ පාලකයින් විසින් මෙම විශ්ව විද්‍යාලවලට අවශ්‍ය සම්පත් ආදිය ලබා නොදීම නිසා නොවේ ද? ආණ්ඩුක්‍රම විවස්තාවේ 27 /2 (උ) යටතේ එන නූගත්කම සහමුලින්ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවකදීම සර්ව සාධාරණ සහ සමාන ඉඩ ප්‍රස්ථාවක් ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම රජයේ වගකීමක් ප්‍රතිපත්තියක් ලෙස සඳහන් කොට ඇත.
අධ්‍යාපනයේ සෑම අවස්ථාවක්ම සර්ව සාධාරණ වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පෙන්වා දෙනු ලැබූවත් නිදහස් අධ්‍යාපනය මුදලට විකිණීමට ආණ්ඩුවට ගන්නා වෑයම හරහා දුප්පත් අහිංසක දිළිඳු මවුපියන් ගේ දරුවන් අන්ත අසරණ තත්ත්වයට පත්වේ. අද වන විට රෝහල්වල ඖෂධ පවා මුදලට මිලදී ගැනීමට සිදුවන යුගයක අධ්‍යාපනයත් මුදලට ලබා ගැනීම කොතරම් ජනයාට පීඩාකාරි විය හැකි ද? යමක් කමක් යහමින් තියෙන ධනවත් පවුල්වල දරුවන්ට පමණක් අධ්‍යාපනය වරම් හිමි වන අතර දිළින්දන්ගේ දරුවන් මුදල් නොමැතිව අධ්‍යාපනය අතහැර දමා යන තැනට මෙකී මුග්ධ පාලකයන් කටයුතු කර ඇති බව නොරහසකි.විශ්වවිද්‍යාල පද්ධතියේ අඩුපාඩු ඇත්නම් ඒවා සොයා බලා ප්‍රතිසංස්කරණය කරනවා වෙනුවට ආණ්ඩුව සිදු කරණුයේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වසා දැමීමට කටයුතු කිරීම ,විශ්වවිද්‍යාල පද්ධතිය විවේචනය කිරීම, ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් විවේචනය කිරීම ය.නමුත් විය යුත්තේ එය නොවේ ය.තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ මේ වනවිට විශාල ඉල්ලුමක් බිහි වී ඇති අතර ඉල්ලුමට සරිලන සැපයුමක් අද වන විට අප රටේ බිහි වී නැත. එකී ඉල්ලුමට සරිලන සැපයුමෙන් ලබා දිය හැක්කේ සීයට (20%) පමණය. ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනුයේ ආර්ථික ප්‍රශ්න, ආර්ථීක අර්බුද සහ රටේ පවත්නා අස්ථාවර බව හේතුවෙන් රජයට සියල්ල සිදු කළ නොහැකි බවයි. නමුත් රට මේ තත්වයට මේ රට පත්කළේ විජයදාස රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ නිවට පාලකයින් නොවෙයි ද? තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අධ්‍යාපන අවස්ථා තව තවත් පුළුල් කරමින් රටට අවශ්‍ය සේවා නියුක්තිකයන් සේවා නියුක්ත කොට අතිරික්ත ශ්‍රමිකයින් විදේශ්ගත රැකියා සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු නොවේ ද සිදුකල යුත්තේ?බල ලෝභී නිවට පාලකයින් විශ්වවිද්‍යාල ක්‍රමය විවේචනය කරමින් ආචාර්යවරුන්ගේ ඉගැන්වීමේ ක්‍රමය විවේචනය කරමින් විශ්වවිද්‍යාල සිසුන් විවේචනය කරමින් ආණ්ඩුවේ වැරදි වහ ගැනීමට කලින් කලට ගෙන එන මේ සියලු ප්‍රතිසංස්කරණ ආණ්ඩුවෙන් නොහැකියාව වහගැනීමට ගන්නා ප්‍රබල උත්සාහයක් බව උගත් බුද්ධිමත් ජනතාව හොඳ හැටි තේරුම් ගෙන හමාර ය. එහෙයින් පාලකයින්ගේ මෙවැනි උඟුල්වලට ජනතාව තවදුරටත් හසු නොවන බව අවධාරණය කළ යුතු ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions