Home » විජයට 77යි!

විජයට 77යි!

by Nipuna Fernando

සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවෙන් සිනමාවට පිවිසි, සිනමාව දිග්විජය කළ සුවහසක් සිනමා රසික රසිකාවියන්ගේ සිහින කුමරා වූ විජය කුමාරතුංග නම් අසහාය රංගධරයා, ආදරණීය සොඳුරු මිනිසාගේ 77 වෙනි ජන්ම දිනය අදට (09) යෙදී ඇත. 1945 වර්ෂයේ ඔක්තෝබර් 09 මෙලොව එළිය දුටු විජය කුමාරතුංග කියන සොඳුරු මිනිසාට 1988 පෙබරවාරි 16 අවුරුදු 42ක් වැනි කාලයකින් මෙසේ සිය ජීවිතයෙන් අකාලයේ සමුගැනීමට සිදුවී තිබුණේද ඔහු මානව හිතවාදී දේශපාලනයක නිරතවීමේ වරදට වේ.

විජය කුමාරංගයන්ගේ ආදරණීය බිරිඳ වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විජයගේ 77 වැනි ජන්ම දිනය නිමෙත්තෙන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහත පරිදි වේ.

“විජය ජීවත් ව සිටියානම් අදට අවුරුදු 77ක්.

“අපි දෙන්නා මේ ජීවිතේ ලබා ගත්ත ලොකුම වස්තුව, ලොකුම බලය, ලොකුම සතුට අපේ දරු පැටව් දෙන්නා. ඒ අපිට හොඳට ම ඇති. උන් දෙන්නත් එක්ක අපි මේ ජීවිතේ ජීවත් වන තුරා මේ ලෝකෙ කිසි කෙනෙකුට වරදක්, කරදරයක් නොකර සතුටින් ඉමු. මගේ පැතුම එච්චරයි.”
– විජය
(චන්ද්‍රිකා කෘතියේ 82 වන පිට)”

මීට අමතරම විජය කුමාරතුංගයන්ට යශෝදා කුමාරතුංග සහ විමුක්ති කුමාරතුංග ලෙස ආදරණීය දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් අතරින් විමුක්ති කුමාරතුංග නුදුරේදීම ලංකීය දේශපාලනය තුළ පෙරළියක් කිරීමට සූදානම් බව දේශපාලනය ආරංචි මාර්ග සඳහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions