Home » වැඩවර්ජනයෙන් රටට රුපියල් බිලියන 46ක පාඩුවක්

වැඩවර්ජනයෙන් රටට රුපියල් බිලියන 46ක පාඩුවක්

by Nirodha Gamage

දිනකට රුපියල් බිලියන 46ක මුදලක් වැඩවර්ජන හේතුවෙන් රටට අහිමි වන බවත්අධ්‍යාපනයට වන හානිය ගණනය කළ නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින බවත් මුදල් රාජ්‍ය ඇමැති, රංජිත් සියඹලාපිටිය කීවේය.

පසුගිය කාලය පුරා විවිධ ව්‍යසන පැමිණියද රාජ්‍ය සේවකයාට ලබාදෙන කිසිවක් අඩු නොකළ බවත් ඔවුන් වෙනුවෙන් දිය හැකි සෑම සහනයක්ම මුල්ම මොහොතේ ලබාදෙන බවත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

‘‘දවසක් සම්පූර්ණ අකර්මණ්‍ය කළොත් දවසකට දළ ජාතික නිෂ්පාදිතයෙන් රුපියල් බිලියන 46ක් අහිමි වෙනවා. අධ්‍යාපනය මේකට ගණනය කෙරෙන්නේ නැහැ. ඒක මිල කරන්නම බැහැ. එය හෙට දවසේ උත්පාදනය කර ගන්නත් බැරි නම්, නැඟිටින්න හදන රටකට මේ ක්‍රියාවන් ගැළපෙනවද නැද්ද කියලා අප හිතන්න ඕනේ යැයිද‘‘ ඔහු කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions