Home » වාර්තා පොතට ගිය ඇමරිකාවේ ටාරා

වාර්තා පොතට ගිය ඇමරිකාවේ ටාරා

by Nirodha Gamage

පළමුවරට පැවැත්වෙන ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල සමඟ පැවැති තරගයේදී කඩුලු 5ක් දවාලමින් වාර්තා පොතට එක් වීමට දිල්ලි කැපිටල්ස් පිලේ අමෙරිකානු ක්‍රීඩිකා ටාරා නොරිස් සමත් වූවාය.

බැංග්ලෝර් පිතිකාරිනියන්ට දැඩි තර්ජනයක් එල්ල කළ ටාරා මැද පෙළ කඩුලු 5ක් දවාගනිමින් ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරග බිමේ කඩුලු 5ක් දවාලූ පළමු පන්දු යවන්නිය බවට පත් වූවාය.24 හැවිරිදි මේ ක්‍රීඩිකාවගේ දස්කම් හේතුවෙන් මේ තරගයෙන් ලකුණු 60ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩායමට හැකි විය.

පෙරේදා පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනූ බැංග්ලෝර් පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් දිල්ලි පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කළ ලකුණු 223 හඹා ගිය බැංග්ලෝර් පිලට ඕවර 20 අවසානයේ රැස් කිරීමට හැකි වූයේ කඩුලු 8කට ලකුණු 163ක් පමණි. දිල්ලි පිලේ ඉනිම වර්ණවත් කළ ආරම්භක පිතිකාරිනියන් වන නායිකා මෙග් ලැනින් ලකුණු 72ක් සහ ෂෆාලි වර්මා ලකුණු 84ක් රැස් කරමින් පළමු කඩුල්ලට ලකුණු 162ක සම්බන්ධතාවක් ගොඩනැඟූහ. පෙනිසියුලාවේ උපන් මේ ක්‍රීඩිකාව සිය ළමා විය ගත කර ඇත්තේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරය. අනතුරුව එංගලන්නයට පැමිණ සසෙක්ස් ප්‍රාන්තයේදී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස එම ප්‍රාන්ත කාන්තා පිල නියෝජනය කිරීමට සමත් වූවාය. ඇය අමෙරිකානු ජාතික පිල නියෝජනය කරමින් 2021 වසරේදී විස්සයි20 තරග වරම් දිනා ගත්තාය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions