Home » වර්ජන කරොත් ජොබ් එක නැති කරනවා – වජිර

වර්ජන කරොත් ජොබ් එක නැති කරනවා – වජිර

by Nirodha Gamage

“අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපොළ රාජසන්තක වනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයකට අත්සන් කර තිබෙන බවත් ඒ අනුව වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්ව ඇති බවත් අසාධාරණ වැඩ වර්ජන සහ කඩාකප්පල් කිරීම් සිදු කිරීමට පෙර අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ බලවත්කම සියලු දෙනා අවබෝධ කර ගත යුතු බවත් ඔහු කීය.

අදාළ වරද කරන තැනැත්තාගේ රැකියාව කිරීමේ අයිතිය නැති වන බව ද පනතේ සඳහන් වන්නේ යැයි වජිර අබේවර්ධන පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions