Home » වප් පුර පසළොස්‌වක පොහොය අදයි

වප් පුර පසළොස්‌වක පොහොය අදයි

by Nipuna Fernando

වප් පුර පසළොස්‌වක පොහොය අදට (09) යෙදී තිබේ.

තෙමසක් වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් වප් පොහොයට යෙදී තිබෙන අතර සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩ සිටියේ අද වැනි පොහෝ දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම අද වැනි පොහොය දිනයක සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ තවදුරටත් දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions