Home » වනිඳුට ICC යෙන් දඬුවම්

වනිඳුට ICC යෙන් දඬුවම්

by Plus One

ICC විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට දඬුවම් ලකුණක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඇෆ්ඝනිස්තානය සමඟ පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ දී ICC විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් ඔහු විසින් සිදු කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සඳහන් කළේ.

ජාත්‍යන්තර තරගයකදී විනිසුරුගේ තීරණයකට විරුද්ධත්වය පෙන්වීම යන වරද ඔහු විසින් සිදුකර ඇති අතර හසරංග විසින් සිය වරද හා තරග තීරක රංජන් මඩුගල්ල මහතා විසින් ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් ඔහුට තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් නියම කර ඇති අතර ඔහුට එක් අප්‍රසාද ලකුණක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions