Home » වජිර දාපු භාවනා පංතිය, ධ්‍යාන උපදවාගන්න රනිල්ව ආයෙත් ජනාධිපති කරන්නලු

වජිර දාපු භාවනා පංතිය, ධ්‍යාන උපදවාගන්න රනිල්ව ආයෙත් ජනාධිපති කරන්නලු

by Plus One

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව යලි වතාවක් ජනාධිපති කිරීමට එක්සත් ජාතික පක්ෂය රට වටේම මහජන රැස්වීම් සංවිධානය කරමින් යනවා.

රනිල්ව නැවතත් ජනාධිපති කිරිමට පෙර ඔහුව අපේක්ෂකයා කල යුතුය. මන්ද දැන් පක්ෂවල පදුරකට පයින් ගැහුවත් අපේක්ෂකයන් ය. ඉතින් රනිල්ව පලමුව අපේක්ෂකයා කරන්න වැඩේ ලොකුවටම පැවරිලා තියෙන්නෙ වජිරට.

ජනාධිවරයා කරන කියන වැඩ සම්බන්ධයෙන් වජිර කරන ප්‍රකාශ මහ පොළොවේ සිතා ගත නොහැක.

අවසානයට තිබු යූන්පී මහජන රැස්වීමෙත් එ වැනිම ප්‍රකාශයක් වජිර විසින් කීවේය.

ඔහු තම පාක්ෂිකයන්ට විනාඩි දෙකකට ඇස් පියාගෙන භාවනා කරන්න කියා දැනට සිටින අපේක්ෂයන් ගැන සිතන්නට ආරාධනා කලා, ඉන් පසුව එයින් කාටද රටක් කල හැක්කේ කියා තීරණය කරන්නට යැයි කියා සිටියා.

අවසානයේ වජිර භාවනා යෝගීව සිටින යූන්පී පාක්ෂිකයන්ට කියා සිටියේ රනිල් වික්‍රමසිංහයන් මීළග ජනාධිපතිවරණයේදී ජන්ද ලක්ෂ 100ක් ගන්න බවයි.

අංක එක, වජිර යූන්පීකාරයන් ඇස් පියාගෙන අපේක්ෂයන් ගැන සිතන්නට කීවිට ඔවුන් තම පක්ෂයේ අපේක්ෂකයා තෝරනවා විනා වෙන අයෙක් තෝරන්නෙ නැත.

අනෙක වජිර ජන්ද ලක්ෂ 100ක් එක අපේක්ෂයෙක් ගන්නනම් වජිරට එක්කෝ හොර ජන්ද ලක්ෂ ගණනින් යොදාගන්නට වෙයි, නැත්නම් අනෙක් අපේක්ෂයන් ජන්දෙ අත් හැරිය යුතුය

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions