Home » ලෝක කුසලානය අහිමි වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්

ලෝක කුසලානය අහිමි වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්

by Nirodha Gamage

2024 වසරේ බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වී තිබේ.

ඒ අනුව මේ වසර අවසානයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ක්‍රීඩා කරමින් ලෝක කුසලාන තරගාවලියට එක් වීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ. එම තරගාවලියේ මුල් ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙකට ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට එක් වීමේ අවස්ථාව හිමි වෙයි.

දකුණු අප්‍රිකාවේදී නිමා වූ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට එම කාණ්ඩයේ මුල් ස්ථාන 3 අතරට එක් වීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස මීළඟ ලෝක කුසලාන තරගාවලියට ඍජු සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වූ අතර, දෙවැනි කාණ්ඩයෙන් තරග කළ අයර්ලන්තයට ද එම අවස්ථාව අහිමි වී ඇත.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions