Home » ලෝකය කැළඹු අවසන් පන්දුවාරය

ලෝකය කැළඹු අවසන් පන්දුවාරය

by Nirodha Gamage

ඔස්ට්‍රේලියාවේ පැවති කාන්තා ක්‍රිකට් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

එහිදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් SAS කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 47කදී ලකුණු 243ක ඉලක්කයක් හිමිවිය.

ඒ අනුව SAS කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 4ක් රැස්කරගැනීමට තිබුණි.

එහිදී කිසිවෙකු නොසිතූ ලෙස තස්මේනියා කාන්තා කණ්ඩායමේ ප්‍රබල පන්දු යැවීම හමුවේ කඩුලු 5ම දැවී ගියේය.

එම පන්දුවාරයේදී SAS කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 2ක් පමණි.

ඒ අනුව තරගාවලියේ මෙවර ශුරතාවය මෙම තරගය ලකුණු 1කින් ජයගත් තස්මේනියා කාන්තා කණ්ඩායම සතුවිය.

එම අවසන් පන්දුවාරය පහතින්.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions