Home » ලෝකයේ වැඩිම හමුදා සෙබළුන් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 18 වැනි තැනට

ලෝකයේ වැඩිම හමුදා සෙබළුන් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 18 වැනි තැනට

by Nirodha Gamage

ලෝකයේ වැඩිම හමුදා සෙබළුන් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 18 වැනි ස්ථානයට පත්ව තිබේ. මෙම ලයිස්තුවේ පළමු ස්ථානය චීනයට හිමිව ඇති අතර දෙවැනි තැන හිමිව තිබෙන්නේ ඉන්දියාවටයි, තෙවැනි ස්ථානය ඇමරිකාවට හිමිව තිබේ.

පසුගිය වසරේ බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාව මෙවැනි විශාල හමුදාවක් නඩත්තු කිරීම පිළිබඳ විවේචනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, හමුදාවේ ලක්ෂකට අධික පිරිසක් ඉවත් කරන ලෙස විස්තීරණ ණය පහසුකම ලබාදීමේදී කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර තිබේ.

පුරා 30 වසරක් ලංකාව තුල ක්‍රියාත්මක වූ සිවිල් යුද්ධය හේතුවෙන් මෙවැනි විශාල හමුදාවක් නඩත්තු කිරීමට සිදු වූ අතර 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව වසර 15 ක් පමණ ආසන්න කාලයක් ගතව ඇති නමුත් හමුදාවේ ප්‍රමාණය අඩු කිරීමට පවත් ආණ්ඩු කිසිවක් සමත්ව නැත.

එසේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුප් වලින් 50% ක් ම හමුදාව වෙනුවෙන් යොදවන බව ද වාර්තා වේ.

මෙම ලයිස්තුවේ ප්‍රංශය, ජර්මනිය හා යුක්රේනයද ශ්‍රී ලංකාවට පහළින් සිටීම විශේෂත්වයකි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions