Home » ලොව ජනප්‍රියතම ක්‍රීඩාවේ ලෝක කුසලානය අද ඇරඹේ.

ලොව ජනප්‍රියතම ක්‍රීඩාවේ ලෝක කුසලානය අද ඇරඹේ.

by Plus One

2022 FIFA ලෝක කුසලානය අද (20) ආරම්භ වනවා. මෙවර තරඟාවලිය කටාර් රාජ්‍යයේදී ආරම්භ වන අතර මෙය මැද පෙරදිග කලාපීය රටකදී පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වීම විශේෂත්වයක්. කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් හෙට සිට ලබන දෙසැම්බර් 18 වනදා තෙක් එක් කුසලානයක් වෙනුවෙන් තරඟ වැදීමට නියමිතව තිබෙනවා. මෙවර පාපන්දු ලෝක කුසලානයට අදාළ තරග ක්‍රීඩාංගන 8 කදී පැවැත්වීමට නියමිත අතර එම ක්‍රීඩාංගණ 8ම කිලෝමීටර් 55ක අරයකින් යුත් සීමිත ප්‍රදේශයක පිහිටා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තරගාවලිය ආරම්භ කරමින් සමාරම්භක තරගය ලෙස කටාර් කණ්ඩායම සහ ඉක්වදෝර කණ්ඩායම අතර තරඟය අද රාත්‍රී 9.30 ට ආරම්භවීමට නියමිතයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions