Home » ලෙබනනයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ ….

ලෙබනනයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ ….

by Nipuna Fernando
ලෙබනනයේ බැංකු පද්ධතිය මේ වන විට දින නියමයක් නැතිව වසා දමා තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ තම පාරිභෝගිකයින්ගේ ඉතුරුම් (Savings ) ගෙවා ගැනීමට බැංකු වලට නොහැකි වීමයි. මෙයින් ප්රකෝප වූ ජනයා බැංකු කොල්ල කෑමට පෙළඹීමත්, බැංකු සේවකයින් ප්රාණ ඇපයට ගැනීමටත් පටන් ගෙන තිබෙනවා. රජයට ආරක්ෂාව සැපැයීමට නොහැකි වීම තුල බැංකු සංගම් තම සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව සලකා බලා බැංකු වසා දැමීමට තීරණය කොට තිබෙනවා.
https://www.bbc.com
 
>world-middle-east-62989961
මෙසේ තැන්පත් කරුවන්ට තම බැංකු ගැන විශ්වාසය නැති වූ විට ඇති වන්නේ තම තැන්පතු සියල්ල පැය හෝ දින කිහිපයක් ඇතුලත ඉවත් කර ගැනීමයි. එයට ඉංග්රීසියෙන් කියන්නේ Bank Runs කියලයි . ලෙබනනයේ සිදුවුණේ එයයි. බැංකු වල liquidity (ද්රවශීලතාවය ) නොමැති වු විට එය සමස්ත මූල්ය පද්ධතියටම බලපානවා. IMF ලංකාවට දුන් නිර්දේශ වල මේ අනතුර පෙන්වා දී තිබෙනවා. “ශක්තිමත් සහ ප්රමාණවත් ලෙස ප්රාග්ධනීකරණය වූ බැංකු පද්ධතියක් සහතික කිරීම සහ සංශෝධිත බැංකු පනතක් මගින් මූල්ය අංශයේ ආරක්ෂිත ජාල සහ නියාමන ප්රමිතීන් වැඩි දියුණු කිරීම මගින් මූල්ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම ” යනුවෙන් වචන අතර සඟවා කියන්නේ එයයි.
https://www.imf.org
 
මේ නිර්දේශය අනුව යමින් ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ඉදිරිපත් කල අතුරු අයවැයේ රාජ්ය බැංකු කොටස් 20% ක් විකිණීමේ යෝජනාව හරහා බලාපොරොත්තු වන්නට ඇත්තේ එය විය හැකියි . බැංකු වල ප්රාග්ධනීකරණය වැඩි කරගැනීම තුල ඉදිරියේ ඇති විය හැකි Shocks (චලනයන් ) වලට මුහුණ දීම විය හැකියි . නැත හොත් රාජ්ය බැංකු පෞද්ගලිකරණය කිරීමේ පළමු පියවර වන්නත් විය හැකියි.
ඊට අමතරව , ස්ථාවර තැන්පතු සඳහා 26%-28% පොළී ගෙවමින් විශේෂයෙන්ම රාජ්ය බැංකු මුදල් එකතු කරන්නේ උද්ධමනය පාලනය සඳහා බව ප්රකාශ කලත් එහි ඊට එහා ගිය අරමුණු තිබෙන බව පැහැදිලියි. ඊට අමතරව, භාණ්ඩාගාර බිල්පත් සඳහා 30%-32% පොලී ගෙවීම තුලද උද්ධමන පාලනයට එහා ගිය කතාවක් තිබෙන බව කිව යුතුයි.
මේ වන විට , ලෙබනන් ලීරා මුදලේ අගය 95% කින් පිරිහී ඇති අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව එය ලීරා 38000 මට්ටමට පැමිණ තිබෙනවා. ලෙබනනයේ මිලියන 6.5 ක් වන ජනගහනයෙන් 80% ක් ජනයා මේ වන විට දුප්පත් කමේ පතුලටම වැටී අවසානයි. රජයට ජනයාගේ මූලික අවශ්යතා සැපැයීමට නොහැකි වී තිබෙනවා. දිනකට පැය 23 ක් විදුලිය කපා හරිනවා. ජනයාට අත්යාවශ්ය ඖෂධ , ආහාර ලබා දීමට නොහැකි වී තිබෙනවා. මේ සියල්ලටම හේතුව හැටියට ජාත්යන්තර මූල්ය අරමුදල පෙන්වා දෙන්නෙ පාලකයන්ගේ හොරකම , දූෂණය , මුදල් විශුද්ධීකරණය, ගජමිතුරුවාදය, සහ මූල්ය විනයක් නොතිබීම යනාදි කරුණුයි.
https://www.nytimes.con
 
>World>Middle East
ලංකාවේ අද ඇති වී ඇති තත්ත්වයද එයට ඉතා සමීප නොවෙයි ද?
ලෙබනනයේ රාජ්ය ණය 2021 දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස 495% ක් වෙනවා. ලෙබනන් ආර්ථිකය විශේෂයෙන්ම රඳා පැවතියේ විදේශ ප්රේශන මතයි . ඊට අමතරව සංචාරක ව්යාපාරය, වැනි ඉතා සංවේදී ආදායම් මාර්ග මත. එහෙත් , මේ වන විට විශාල වශයෙන් විදේශ ප්රේශන පැමිණීම නැවතී තිබෙනවා. රට තුල දේශපාලන අස්ථාවරත්වයක් ඇති වී තිබෙනවා. ලංකාවේ වර්තමාන තත්ත්වයද මීට වෙනස් නැහැ . මෙතෙක් හිටි පාලකයන් නිෂ්පාදන ආර්ථිකයක් ගැන කයිවාරු ගැසුවාට කිසිදා එය වැඩි දියුණු කිරීමට උනන්දු වූයේ නැහැ . ඒ වෙනුවට ඔවුන් උස්සාහ කලේ ආනයනය කොට රටේ ජනයා සනසා තබමින් ඔවුන්ගේ ගජමිතුරන්ගේ සාක්කු පිරවීමයි.
ජාත්යන්තර මූල්ය අරමුදල ලෙබනනයට ඩොලර් බිලියන 3ක ණයක් ලබා දීමට එකඟ වී තිබෙනවා. ඔවුන් ඉදිරිපත් කොට ඇති කොන්දේසි මාලාවේ තිබෙන එක් කොන්දේසියක් වන්නේ දූෂණ වැලැක්වීමට කටයුතු කිරීමයි . ඊට අමතරව අමෙරිකානු ඩොලර් බිලියන 97.8 (2021 ජුනි දක්වා ) වන ණය ප්රතිව්යුහගත කරගැනීමකට යා යුතු වෙනවා. ලෙබනන් භාරකාර රජයට දැනට අවුරුදු තුනකට වඩා ගත වී ඇතත්, මේ වන තෙක් ඔවුන්ට ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමට නොහැකිවී තිබෙනවා. ඒ හේතුවෙන්, IMF විසින් අවුරුදු 4 කට ලබා දී ඇති විස්තීර්ණ ණය පහසුකම (Extended Fund Facility ) මේ වන තෙක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
https://www.reuters.com
 
>markets>rates-bonds>lebonon
ලංකාවේ ආර්ථික අර්බුදය සහ ලෙබනනන් ආර්ථික අර්බුදය අතර සමාන කම් රාශියක් තිබෙන බව ඔබට පේනවා ඇති . ලංකාවට විදේශ ප්රේශන නොලැබීම තුල ආර්ථිකය කඩා වැටෙනවා. සංචාරක ව්යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටීම නිසා ඩොලර් එන්නේ නැත කියා මැසිවිලි නගනවා. ලංකාවේ ණය (දේශීය සහ විදේශීය) ඩොලර් බිලියන 100.9 වෙනවා. සමස්ත ණය (2021 ජුනි වන විට ) දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස 114.4% ක් බවට පත්වී තිබෙනවා . රජය ජාත්යන්තර මූල්ය අරමුදලේ කොන්දේසි අනුව යමින් රජයේ ආදායම වැඩි කර ගැනීමට වක්ර බදු වැඩි කොට තිබෙනවා. ඉන්ධන සහනාධාර ඉවත් කොට ඒවායෙහි මිල වැඩි කොට තිබෙනවා (Cost Recovery Based Pricing ). එහෙත් IMF කොන්දේසියක් වන දූෂණ වැලැක්වීමට පියවර ගැනීමක් කොහෙත්ම සිදුවන්නේ නැහැ . හොඳම උදාහරණය තෙල් , ගෑස් , සහ ගල් අඟුරු වංචා. එකම පවුලක්, සහ ඔවුන්ගේ සහචරයන් මරනාසන්න රටේ ලේ සාරය උරා බොනවා.
මේ වන විට ලංකාවේ ග්රාමීය බැංකු , සංවර්ධන බැංකු, සහ අනෙකුත් ප්රාදේශීය බැංකු වලට දැඩි පීඩනයක් එල්ල වී තිබෙනවා. මෙම බැංකු වල වාර්ෂික තැන්පතු පොලිය 10%-15% දක්වා ගණන් වල තිබෙන්නේ . එහෙත් , වෙළෙඳපොළේ වෙනත් බැංකු සහ මූල්ය ආයතන 20%-28% දක්වා වාර්ෂික ස්ථාවර තැන්පතු සඳහා පොළී ගෙවීම තුල ප්රාදේශීයව ඇති කුඩා බැංකු වල තැන්පතු ඉවත් කරගැනීමට පිරිස් පටන්ගෙන තිබෙනවා. මෙම කුඩා බැංකු වල ණය ගැතියන්ගේ ක්ශුද්ර සහ සුළු ව්යාපාර (Micro and Small) කඩා වැටීම, ණය අය කරගැනීමට නොහැකි වීම යනාදිය මත බැංකු අසරණ වී තිබෙනවා . ඒ අල්ල පනල්ලේ, තැන්පත් කරුවන් මුදල් ඉල්ලාගෙන බැංකු වෙත පැමිණෙන විට ඔවුන්ගේ තැන්පතු ගෙවීමට මුදල් සපයා ගැනීමට නොහැකි වී තිබෙනවා. මහබැංකුව හෝ අදාල ග්රාමීය හා ප්රාදේශීය බැංකු වල මවි සංගම් මේ සම්බන්ධව ඉක්මන් අවධානය යොමු නොකළ හොත් ලෙබනනයේ දැනට ඇති වී තිබෙන තත්ත්වය ලංකාවේද ඇති නොවෙයි කීමට ඇති සාධක කවරේද ?
 
ශාන්ත ජයරත්න
ජ්යෙෂ්ඨ කථිකාචාර්ය
රෙඩින් විශ්වවිද්යාලය, එංගලන්තය
ජ්යෙෂ්ඨ උපදේශක (හිටපු) ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions