Home » “ලෙජර් බ්ලොක්” මොණරාගල හොල්ලන ක්‍රිප්ටෝකරන්සි සෙල්ලම – නීතිඥ බද්‍රක මනමේන්ද්‍ර

“ලෙජර් බ්ලොක්” මොණරාගල හොල්ලන ක්‍රිප්ටෝකරන්සි සෙල්ලම – නීතිඥ බද්‍රක මනමේන්ද්‍ර

by Nirodha Gamage

පසුගියදා නව ලංකා නිදහස් පක්ෂයේ බිබිල ආසන සංවිධායක නීතිඥ බද්‍රක මනමේන්ද්‍ර මහතා විසින් මොණරාගල දිස්තික්කය ඇතුළු ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරමක් පිළිබඳ හෙළිකරනු ලැබුවා.

මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියා.

” මේ වනවිට මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල නගරය කේන්ද්‍රගත කරගනිමින් “ලෙජර් බ්ලොක්” යනුවෙන් ක්‍රියාත්මක වන සංවිධානාත්මක මූල්‍ය අපරාධකරුවන් කණ්ඩායමක් විසින් විද්‍යුත් මුදල් හෙවත් ක්‍රිප්ටෝකරන්සි ඒකකයක් හඳුන්වාදෙමින් ඒ සඳහා ජනතාවගේ මුදල් එකරාශිකරමින් සිටිනවා.

මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ ශ්‍රී ලංකාවේ මහබැංකු අධිපතිවරයා “විද්‍යුත් මුදල් හෙවත් ක්‍රිප්ටෝකරන්සි” හා පිරමිඩ ආකාරයේ ගණුදෙණු ලංකාව තුළ පිළි නොගන්නා බවට පැහැදිලිව ප්‍රකාශ කර සිටියදී ප්‍රසිද්ධියේ මෙවැනි කටයුතු සිදු කිරීමට ජාවාරම්කරුවන්ට හැකිව තිබීමයි. මොණරාගල ලංකාවේ අඩුම ආර්ථික හැකියාවකින් යුත් ජනතාවක් නියෝජනය කරන ප්‍රදේශයක් එවැනි ප්‍රදේශයක් තුළ මෙවැනි ජාවාරම් සිදු කිරීමට ජාවාරම්කරුවන් පෙළඹෙන්නේ ප්‍රදේශ ජනතාව තුළ මෙවැනි කටයුතු පිළිබඳ ඇති අඩු අවබෝධය හා වැඩි ප්‍රතිලාබ ලැබෙන බවට ජාවාරම්කරුවන් විසින් ඇතිකරනු ලබන විශ්වාසය හේතුවෙනි.

“ලෙජර් බ්ලොක්” ජාවාරම සම්බන්ධයෙන් අප මොණරාගල පොලිසියේ පරිඝනක අපරාධ ඒකකයට,කොළඹ පිහිටි අපරාධ විමර්ශන ඒකකයට හා මහ බැංකුවට පැමිණලි ඉදිරිපත් කර තිබෙනවා. එපමණක් නොව ඒවායේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පූර්ණ අවධානයකින් සිටීමටත් මේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් සටන් කිරීමටත් අප බලාපොරොත්තුවනවා. අහිංසක ජනතාව විසින් උපයාගත් දේපල මංකොල්ලකන කල්ලිවලට මොණරාගල දිස්තික්කයේ මෙන්ම රටේම ක්‍රියාත්මක වීමට ඉඩ නොතබා ක්‍රියාකිරීම අප සැමගේම යුතුකම් ලෙස අප සලකනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions