Home » ලාල් තුලින් ජවිපෙ කියවා ගනිමු – රටේ රාළ

ලාල් තුලින් ජවිපෙ කියවා ගනිමු – රටේ රාළ

by Plus One

ලාල් කාන්ත කියන්නේ ජවිපෙ දේශපාලන මණ්‌ඩල සාමාජිකයෙක් වගේම නීති විරෝධී මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙක්.ලාල් ගැන ජවිපෙ සාමාජිකයෝ බහුතරයක් දකින්නේ,ලාල් අනිත් ජවිපෙ නායකයන්ට වඩා විවෘත චරිතයක් විදිහටයි.ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුලේ උනත් ලාල්ට තියෙන්නේ වසන්ත සමරසිංහට නැති positive තත්වයක්.මාලිමා සමාජයේ ගොඩක් අයගේ අදහස ලාල් කියන්නේ කන බොන මිනිහෙක් කියලා.

විජිත වගේ හොරෙන් ගසන පොරක් නෙවෙයි කියලා.ඒක සමහරවිට වෙන්නත් පුළුවන්.මොකද්ද මීට ඉස්සර ලාල් සහ විජිත දෙන්නම අතින් රිය අනතුරු දෙකක් සිද්ධවුනා.ඒ වෙලාවේ දෙන්නම බීමතින් හිටලා තියෙන්නේ.හැබැයි ලාල් තමන් බීමතින් ඉන්න බව පිලිඅරන් තිබුණා.බැලුන් පුම්බලා ඒක තහවුරු වෙලත් තිබුණා.විජිත අතින් සිද්ධවුන රිය අනතුරේදී විජිත පොලිස් ලොක්කන්ට නොවදිනා වැදුම් වැදලා බැලුම් පුම්බන්නේ නැතිව බේරිලා තිබුණා.

ඒත් ඩොක්ටර් තමන්ගේ වර්තාවේ කියලා තිබුණේ විජිතගේ කටින් අරක්කු ගදක් ආවා කියලයි. කොහොම හරි පස්සේ විජිත කිව්වේ ඒ ඇවිත් තියෙන්නේ එයාගේ කටේ ගඳ කියලා.විජිත අරක්කු බිව්වා කියන එක පිලිගන්නවාට වඩා කට ගදයි කියන එක පිලි අරගෙන තිබුණා.මේ සාකච්ජාවට ඔය මොකුත්ම අදාල නෑ.ඒක එයාලගේ පෞද්ගලිකත්වය.හැබැයි ඒ කතාවෙන් විජිතට වඩා ලාල් විවෘතයි කියලා සමාජයේ තියන මතය යම් පමණකට තහවුරු වෙනවා.

විජිත සහ ලාල් ගැන විතරක් නෙවෙයි ජවිපෙ සියලු නායකයන් සහ ජවිපෙ ගැන කියවීමක් රටේ රාළට තියනවා.හැබැයි ඒක අතිශයින් දේශපාලනික එකක්.මෙතනදීත් රටේ රාළ කතා කරන්නේ ලාල් ගැනවත් විජිත ගැනවත් නෙවෙයි ජවිපෙ ගැන. හැබැයි ජවිපෙ කියවගන්න රටේ රාළ යොදා ගන්නේ ලාල් කාන්තව.සාමාන්‍යයෙන් ලාල් කාන්ත ටිකක් ආන්දෝලනාත්මක කතා කියන කෙනෙක්.

පහුගිය කෙටි කාලය සළකලා බැලුවත් ලාල් කියපු ආන්දෝලනාත්මක කාරණා ගණනාවක් තියනවා. එක වෙලාවකට ඔයාලට හිතෙනවා ඇති ලාල් ජවිපෙට විරුද්ධව යනවාද කියලා.නෑ එහෙම එකක් නෑ.එච්චර දේශපාලන කොන්දක් ලාල්ට නෑ. ලාල් තමන්ට දේශපාලන කොන්දක් නෑ කියන එක ඔප්පු කලේ සෝමවංශ හිටිය දේශපාලනය මණ්ඩලයකදී.එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධ ඇතිවුන සාකච්ඡාවකදී.

එතනදී සෝමවංශ ඇතුළු දේශපාලනය මණ්‌ඩල නියෝජනය කරපු බහුතර මතයේ ලාලුත් හිටියා. හැබැයි ඒ මතය මධ්‍යම කාරක සභාව කැන්වසින් කරලා ටිල්වින්ලා,අනුරලා,විජිතලා,ප්‍රේම කුමාරලා වෙනස් කරනකොට ලාල් තමන්ගේ මතය පාවලාදීලා ඒ මතයට යටත් වුනා.මුල ඉදන් තමන්ගේ මතයේ නොසිට අතර මැදින් යටත්වුන ලාල්ට අදත් ටිල්වින්ලා දක්වන්නේ කුඩම්මාගේ සැලකිල්ලි.

ඒත් ලාල් ඒ අධිකාරිවාදය ඉස්සරහා දණ ගහලා ඉවරයි.ඒක නිසා අනිත් අයට වඩා ලාල් ප්‍රගතිශීලී කියන තැනක රටේ රාළ නං නෑ.කොහොම උනත් අනෙත් අයට වඩා යම් ප්‍රමාණයකට ලාල් විවෘත ඇති කියලා රටේ රාළත් හිතනවා.ඇත්තටම ඒ හින්දා වෙන්න ඇති කට්ටිය කියන්නේ ලාල්ගේ කටට බ්‍රේක් නෑ කියලා.රටේ රාළ නං ලාල්ව පාවිචිචි කරගන්නේ ජවිපෙ කියවා ගන්න.

ජවිපෙ අභයන්තරයෙන් එන තොරතුරු හරිද කියලා රටේ රාළ චෙක් කරන්නේ ලාල්ගෙන්.ඒකෙන් රටේ රාළ කියන්නේ ලාල් ජවිපෙ පාවලා දෙනවා කියලා නෙවෙයි.රටේ රාළ ආපු තොරතුරුයි ලාල් කියන කතායි එකිනෙකට සන්සන්දනය කරලා බැලුවම වැඩේ නිකම්ම ඔප්පු වෙනවා. උදාහරණයක් ගත්තොත් පහුගිය දවසක ලාල් කියපු ප්‍රකාශයක් ලොකුවට වෛරල්වුනා.

ඔයාලට මතක ඇති රාජ්‍ය බලය ගත්තම ජවිපෙට එරෙහිවය එන සියලු බලවේග රාජ්‍ය බලය යොදාගෙන මර්ධනය කරනවා කියලා ලාල් කියපු කතාව.දැනටමත් ඒ අය මාක් කරගෙන ඉන්නේ කියලත් ලාල් කිව්වා.ඇත්තටම ඒක ලාල් මේ ඊයේ පෙරේදා සිද්ධියකට අදාලව කියපු කතාවක් නෙවෙයි.පලාත් පාලන ඡන්දය කාලේ ජවිපෙ දේශපාලන මණ්‌ඩලය විසින් ගත්ත තීරණයකට අදාලව කියපු කතාවක්.

හැබැයි ලාල් කරපු ඒ කතාව පට්ට ගොං කතාවක්. ලාල් කියන්නේ බලය ගත්තම ගහනවා කියලනේ. හැබැයි ලාල් මතක තියාගන්න ඕනි තවම බලය අරන් නෑ කියලා.ලාල් කියන විදිහට රනිල්ටත් ඒ වැඩේම කරන්න පුළුවන්නේ.ඊළඟට ලාල් කියන විදිහට රනිල් ඒක කලත් අසාධාරණ නෑනේ.ලාල්ලා බලය ගන්නේ ඒ වැඩේ කරන්න නං.ඒ වැඩේ වලක්වන්නත් රනිල්ට අයිතියක් තියනවනේ.

ඒ වගේම ජවිපෙ මතක තියා ගන්න ඕනි ඒ උවමනාව තියන අය මේ මොහොතෙත් ඉන්නවා කියලා.ඔය වගේ ගොං කතා කියලා තවත් විනාශයකට පාර කපා ගන්න එපා කියලා විවෘත නෙවෙයි මෝඩ ලාල් සහෝදරයාට රටේ රාළ කියනවා.

ඒ දවස්වල ජවිපෙ හිටියේ මුරුංගා ගහේ උඩම අත්තේ.පලාත් පාලන මැතිවරණයේ අපේක්‍ෂකත්වය ගන්න ආපු පොහොට්ටුවේ පහල බලවේගය දැකලා ජවිපෙ නායකයන්ගේ ඇස් නිලංකාර වෙලා තිබුණේ.ඒ දවස්වල තමයි ටිල්වින්ලා,විජිතලා,හදුන්නෙත්තිලා කියකියා හිටියේ අපිට 80% ක් ඡන්ද තියනවා කියලා.ඒ තරම් ත්‍රිල් එකක ජවිපෙ නායකයෝ හිටියා.ටිල්වින් නං සුරතාන්තයට පත්වෙලා හිටියේ.

ඔය කාලේ ජවිපෙන් අයින් වෙලා ගිය අය නැවත පක්ෂයට ගමුද කියන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඇවිත් තිබුණා.ඇත්තටම ලාල් එදා හිටලා තියෙන්නේ ඒ අය ගමු කියන ස්ථාවරයක. හැබැයි ජවිපෙ දේශපාලන මණ්‌ඩලය හිටියේ එතන නෙවෙයි.බලය ගත්ත ගමන් ජවිපෙ ද්‍රෝහීන් අයින් කරන්න ඕනි කියන තැනක.ඒ වෙනුවෙන් එයාලා නාම ලේඛනයක් නඩත්තු කරනවා.අර ලාල් මාක් කරගෙන ඉන්න කට්ටියක් කියලා කියන්නේ ඒක.

ඒ තීරණයට ගැන තමයි ලාල් ඒ interview එකේ කියන්නේ.ඇත්තටම ඒ තීරණය ගන්නකොටම අනිත් පැත්තෙන් තොරතුර රටේ රාළට ආවා.ඒ තීරණය 100% ක් රටේ රාළ තහවුරු කරගත්තේ ලාල්ගේ කතාවෙන්.ලාල්ගේ තියන ඒ ප්‍රචාරකවාදී කතා විලාශයෙන් ලාල් විතරක් නෙවෙයි අපිට නං ජවිපෙයි,මාලිමාවයි දෙකම කියවගන්න පුළුවන්. පහුගිය දවස්වල ලාල් කිව්වේ අනුර දිනපු ගමන් දිවුරුම් දීම වලක්වන්න CJ උනත් උස්සන්න පුළුවන් කියලා.

ඒක නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කරපු දවසේ ඉඳන් ලාල්ලා CJ බලාගන්න මහජන හමුදාවක් හදනවලු.දිගටම CJ පිටි පස්සෙන් යනවලු.ජවිපෙ CJ පස්සේ යනවා කියනකොට නං අපිටත් බය හිතෙනවා.ඇයි ඉතින් මේ මෝඩ ගිරා පොතකයෝ අනුර පැරදුනහමත් ඕකම කරන්න බැරි නෑ.ඒක නං පට්ට ගොං කතාවක්.ඒ කියන්නේ ජවිපෙ අපේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ගැන කිසිම විස්වාසයක් තියලා නෑ කියන එකයි.මහින්ද පැරදුන වෙලාවේ ගේමක් ගහන්න හදුව බව කවුරුත් දන්නවා.හැබැයි ඒ වැඩේට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විරුද්ධ වුන බවත් ඒ දවස්වල කියවුනා.

ලාල් අවසානයට කියලා තිබුණේ ජවිපෙට ගන්නේ තොරලා බලලා උනාට මාලිමාවට එන ඔක්කොම ගන්නවා කියලා.ලාල් උදාහරණය විදිහට ගත්තේ වාසුදේව.දැන් ඒ කතාවට වාසු හොඳටම ඇඳලා. වාසු ගිහින් විමලුයි,ගම්මම්පිලයි ෆෝම් කරලා. ඔයාලට මතක ඇති එක වෙලාවක දයාසිරි ශ්‍රිලනිප මහ ලේකම් විදිහට ශ්‍රිලනිපය එක්ක සන්ධානයක් හදන්න ජවිපෙට ආරාධනා කළා.

ජවිපෙ ලේකම් ටිල්වින් හැරෙන තැපෑලෙන් ඒකට ෂොට් එක දුන්නා.ටිල්වින් කිව්වේ අපි හොරුත් එක්ක එකතු වෙන්නේ නෑ කියලා.ටිල්වින් එහෙම කිවිවේ ජේවීපී එක උපරිම ත්‍රිල් එකේ ඉන්න කාලේ. හැබැයි දැන් ජනාධිපතිවරණ පොරපිටිය උණුසුම් වෙන වෙලාවක්.අනිත් අයත් වැඩට බහින්න පටන් අරන්.ජනාධිපතිවරණය එන්නත් ඉස්සෙල්ලා තිබුණ අර 80% ව දැන් සියට 50% ට බැහැලා.

දැන් ඒක එන්න එන්නම බහිනවා.හැබැයි අපි ඇත්ත පිලිගන්න ඕනි දැනුත් සජිත්ට වඩා ඉදිරියෙන් අනුර ඉන්නවා.රටේ රාළ මුලදී කියපු දේ දැන් ජේවීපී නායකයන්ට පේන්න පටන් අරන්.දැන් ජවිපෙට ප්‍රශ්න දෙකක් තියනවා.එකක් මේ තියන ටික රැකගන්නේ කොහොමද කියන එක.අනික මේ තියන ටික රැකගත්තත් ජනාධිපතිවරණය දිනන්න ඒ ඡන්ද ගොඩ මදියි.ඒක කොහොමද වැඩි කරගන්නේ කියන ප්‍රශ්නයත් තියනවා.

එතනදි ජවිපෙ තීරණය වෙලා තියෙන්නේ මාලිමාව යම් මට්ටමකට පලල් කරන්න.දැන් ජවිපෙට එකතු වෙන බලවේගය බොහෝ දුරට එකතු වෙලා ඉවරයි.දැන් එකතු වෙච්චි අය යන කාලය ඇවිත්. තව බලවේගය එකතු කරගන්න නං දැනට ගසාගෙන යන අනාථයෝ ටිකක් මේකට දාගන්න ඕනි.වාසු කියන්නේ ඒ වැඩේට හොඳ බඩුවක්. රකින්න දේශපාලන සුජාතකමක් වාසුලාට දැන් නෑ.වාසු කරන්නේ මේක ඇතුලේ අනාතයෝ විදිහට ඉන්න තවත් අය හොයාගෙන යන්න ට්‍රයි කරන එකයි.

හැබැයි වාසුලාට නොතේරෙන දෙයක් මෙතන තියනවා.ඒ තමයි මෙයාලා එන සියලු අනාතයෝ දාන්නේ ජවිපෙ විසින් හදලා තියන නීති විරෝධී මාලීමාවේ කෝවට.එහෙම නැතිව එතන සන්ධානයක් හැදෙන්නේ නෑ.එන අය මාලිමා කෝවේ ඉන්න ඕනි.එන සියලු සත්වයෝම ඒකට. ඇත්තටම ඒකෙන් හොඳට පේනවා ජවිපෙ කීයටවත් බලවේග එකතු කරගන්න ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න ලෑස්ති නෑ කියලා.

එන ඕනි කෙනෙක් ජවිපෙ පෙන්නන කොටුවට නැත්තං ගල් අච්චුවට බහින්න ඕනි.ලස්සනම වැඩේ වාසු හරි,ඩලස් හරි ඒකට බැස්සොත් තමයි.විමල් සහ ගම්මම්පිල දේශපාලන වශයෙන් අනාත උනාට ඔය ලණුව කයි කියලා හිතන්න බෑ. ලාල්ගේ කතාවෙන් අපට ගන්න තියෙන්නේ ජවිපෙ මොනතරම් අර්බුදයක හිටියත් පැරණි ගල් අච්චුවෙන් එලියට එන්න සූදානම් නෑ කියන එකයි. මොනවා උනත් ජවිපෙ ගැන තොරතුරු අපේ ආලින්දයටම ගෙනත් දෙන ලාල් සහෝදරයාට ස්තුති නොකර යන්නත් බෑ.Thank you Lal සහෝදරයා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions