Home » ලබන වසරට පෙර IMF අනුමැතිය ලබාගැනීම රජයේ ඉලක්කයයි – ශෙහාන් සේමසිංහ

ලබන වසරට පෙර IMF අනුමැතිය ලබාගැනීම රජයේ ඉලක්කයයි – ශෙහාන් සේමසිංහ

by Plus One

ශ්‍රී ලංකාවට ලබාදිමට නියමිත විස්තීරණ ණය මුදල සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබාගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ යෝජනාව දෙසැම්බර් මාසය තුළ ඉදිරිපත් කිරීම රජයේ ඉලක්කය බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව රජය හා මහ බැංකුව ඒ සඳහා දැඩිව වෙහෙසෙන බවයි විදෙස් මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ වන විටත් ද්වීපාර්ශවික ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් සහතිකයක් ලබාගැනීම මෙම සාකච්ඡාවල අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ආර්ථිකය ස්ථාවර කිරීමට, මූල්‍ය අරමුදල එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග මේ වන විටත් රජයේ පාර්ශ්වයෙන් සම්පූර්ණයෙන් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions