Home » සජිත් ජනපති කරන්න මන්ත්‍රීවෙන සජිත්ගෙ කෝටිපති මස්සිනා – He will pay the Bill.

සජිත් ජනපති කරන්න මන්ත්‍රීවෙන සජිත්ගෙ කෝටිපති මස්සිනා – He will pay the Bill.

by Plus One

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම නිසා හිස්වූ මන්ත්‍රීධූරය සදහා සජබ හපුතලේ ආසන සංවිධායක නයන වාසතිලක පත් කරන බව ඔබ කවුරුත් දැන් දන්නා කාරනයකි.

නමුත් එක පාරටම චමින්ද ඉවත්වූයේ ඇයි? ඇත්තටම චමින්ද ඉවත් වූයේ හිත් තැවුලක් නිසාද? මේ අපි දිගින් දිගටම අහන පැනයකි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙ දැන් එකම ඉලක්කය දැන් කෙසේ හෝ ජනපති වීමය. ඒ සදහා 2024 ජනාධිපතිවරණය ජය ගන්න ඕනෑම දෙයක් කිරීමට සජිත්ගේ කණ්ඩායම සූදානම්‍ය.

නමුත් වෙනදාට වඩා එය මෙවර අසීරුය.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය ප්‍රේමදාස මහතා සතු වුවත් මහජනතාව තුල ආණ්ඩු විරෝධී නායකත්වය තවමත් ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර මහතා සතුවයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් නැවත ජනපති වීමේ දැඩි උත්සහයක නියලේ.

සජිත් ලග කෙතෙරම් මන්ත්‍රීවරු සිටියද ඔවුන් බහුතරයක් තවමත් සිටින්නේ රනිල් හා සජිත් දෙපිල අතරම කකුල් තබාගෙනය. එම නිසා සජිත් දිනන අපේක්ෂකයා ලෙස අඛන්ඩ විස්වාසයක් තබා ගත යුතුය. නැත්නම් ජන්දෙ ලංවෙද්දිම පිරිසක් රනිල් ලග නතර විය හැක.

එම නිසා ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය සදහා ඔහුගේ ලගම කණ්ඩායම දැන් කෝටි ගනන් වියදම් කරමින් මන්ත්‍රීවරුන් ඩැහැ ගැනීමට පටන් ගෙන ඇත. පොහොට්ටුවේ ඇතැමුන් පවා සජිත් ගාවට පැමිණෙන්නේ වරදාන වරප්‍රසාද තනතුරු නිසා මිසක රට ගැන හෝ ජනතාව ගැන තියෙන ආදරය නිසා නොවෙ.

එන ඕනි අයෙක් සජබ කර ගැනීම සජිත්ගේ උපක්‍රමයයි. නමුත් ඊට මේ වන විටත් සජබ ඇතැමුන් අකමැතිය.

කෙසේ හෝ ජනපති වීමට වෙනදාට වඩා කෝටි ගණනක මුදල් ප්‍රමාණයක් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමට දැරීමට සිදුවේ.

ඉතින් ඒකට හොදම විස්වාසවන්තම පුද්ගලයා වාසතිලකය.

නයන වාසතිලක යනු ඔස්ට්‍රේලියාවේ සාර්ථක ව්‍යාපාරිකයෙකි. ප්‍රකෝටිපතියෙකි. පසුගිය ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ හිමිකරුද ඔහුය.

කොටින්ම මෙතෙක් කල් සජබ කාර්යාලයේ නඩත්තු සදහා නයන උපකාර කොට ඇත. ප්‍රේමදස මහතාට පාසල්වලට බස් බෙදීමටද වාසතිලක මහතා උදව් කල බව අභ්‍යන්තර ආරංචි කියා සිටි.

ඒ කියන්නේ චමින්ද ඉවත් වී නයන පාර්ලිමේන්තු එන්නේ චමින්දගේ සිත්තවුලකට නොවේ.

සජිත් ජනපති කිරීමේ ගේම් එකටමය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions