Home » ලක්ෂ ගණන් ප්‍රංශ ජනතාව වීදි බසිති

ලක්ෂ ගණන් ප්‍රංශ ජනතාව වීදි බසිති

by Nirodha Gamage

මතභේදාත්මක විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මැක්‍රොන් බල කිරීමෙන් පසු දස දහස් සංඛ්‍යාත ජනතාවක් ප්‍රංශයේ විරෝධතා පවත්වති.මෙයට එරෙහිව පාර්ලිමේන්තුවේ ඡන්දයක් වළක්වා ගැනීම සඳහා රජය විශේෂ ව්‍යවස්ථාමය බලයක් ඇති 49: 3 ව්‍යවස්ථාව භාවිතා කළේය.

මෙම ප්‍රතිසංස්කරණය ප්‍රංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නංවනු ඇති අතර ඒ සම්බන්ධයෙන් සති ගනනාවක් තිස්සේ විරෝධතා පැවතුනි.

මෙම පියවරට විරෝධය දැක්වීම සඳහා පෙලපාලිකරුවන් පැරිසියේ ප්ලේස් ඩි ලා කොන්කෝඩ් චතුරශ්‍රයට රැස් වූ අතර දහස් ගණනක් සවස් වන තුරුම රැඳී සිටියහ.

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර යම් යම් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති අතර, ජනතාව වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.
අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන Marine Le Pen කියා සිටියේ විපක්ෂයේ නියෝජිතයින් රජයට විශ්වාසභංගයක් ඉදිරිපත් කරන බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions