Home » ලංකාව හෙල්ලූ බ්‍රිතාන්‍ය කුලී හේවා කණ්ඩායම “කීනි මීනි” ගැන හෙළි කරනු

ලංකාව හෙල්ලූ බ්‍රිතාන්‍ය කුලී හේවා කණ්ඩායම “කීනි මීනි” ගැන හෙළි කරනු

by Nirodha Gamage

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් දෙමළ සන්නද්ධ පිරිස් මර්දනය කිරීමට සහාය වීම සඳහා කීනි මීනි සර්විසස් ( Keenie Meenie Services) නම් බ්‍රිතාන්‍ය කුලී හේවා සංවිධානයට ගෙවා ඇති මුදල හෙළි කරන ලෙසයි.

“ශ්‍රී ලංකා රාජ්‍යය 1980 ගණන්වල දෙමළ ජනයා මර්දනය කිරීමට උපකාර කිරීම සඳහා කීනි මීනි කුලී හේවා සංවිධානයේ සේවා සඳහා කොපමණ මුදලක් ගෙව්වාද යන්න පාර්ලිමේන්තුවට පැවසිය යුතුය.” ඔහු පවසයි.

Declassified UK හි ප්‍රධාන වාර්තාකරු Phil Miller විසින් 1980 ගණන් වලදී, දිවයිනේ සිවිල් යුද්ධයේදී දෙමළ ජනයා සිය ගනනකට වධහිංසා පමුණුවන ලද බවට චෝදනා ලැබූ පැරාමිලිටරි පොලිස් ඒකකයක් හෙවත් බ්‍රිතාන්‍ය කුලී හේවා කණ්ඩායක්, ශ්‍රී ලංකාවේ පිහිටුවා පුහුණු කළ ආකාරය ලේඛනගත කර ඇත. එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයෙකුගේ විවේචනයට තුඩු දෙමින් දෙමළ සිවිල් වැසියන් ඝාතනය කරන ලද මෙහෙයුම් සඳහා පියාසර කළ හෙලිකොප්ටර්, තුවක්කු, නැව් නියමුවන් සැපයීම සම්බන්ධයෙන් කීනී මීනි චෝදනා ලබා සිටී.

මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී ඇත්දැයි සොයා බැලීමට බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසිය යුද අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මිලර් සඳහන් කරන්නේ 1986 දී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් විසින් කීනී මීනි කුලී හේවා සංවිධානයට බ්‍රිතාන්‍ය රජයෙන් වසරකට පවුම් මිලියන දෙකක් හෝ තුනක් ලැබෙන බව ඇස්තමේන්තු කර ඇති බවයි. කෙසේ වෙතත්, කීනී මීනි කුලී හේවා සංවිධානයට ගෙවන ලද මුළු මුදල අභිරහසක්ව පවතී.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions