Home » ලංකාවේ මිලියන 6.3 ක් බඩගින්නේ

ලංකාවේ මිලියන 6.3 ක් බඩගින්නේ

by Nirodha Gamage

ශ්‍රී ලංකාවේ අවම වශයෙන් මිලියන 6.3 ක ජනතාවක් තවමත් මධ්‍යස්ථ හා උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවයට මුහුණ දෙන අතර ප්‍රමාණවත් ජීවිතාරක්ෂක ආධාර සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් 2023 දී ඔවුන්ගේ තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආර්ථික අර්බුදයේ බලපෑම ශ්‍රී ලංකාව තුළ තවමත් ඉහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර රතු කුරුසය ප්‍රකාශ කර ඇති අතර, විවිධ අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ අර්බුදය ඉක්මනින් පහව නොයන නමුත් එය දිග්ගැස්සෙන බවත්, මිනිසුන්ගේ තත්වය ක්‍රමයෙන් පිරිහීමට ලක්වන බවත්ය.

“ශ්‍රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවක් තවමත් මධ්‍යස්ථ හා දරුණු ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙන අතර ප්‍රමාණවත් ජීවිතාරක්ෂක ආධාර සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් 2023 දී ඔවුන්ගේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින්, ශ්‍රී ලංකාවේ අර්බුදවලින් පීඩාවට පත් වූ පුද්ගලයින්ට අඛණ්ඩ සහාය ලබා දීම ඉතා වැදගත් වේ,” රතු කුරුසය පවසනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions