Home » ලංකාවේ පක්ෂ 86ක් තියෙනවා, ඒත් එකෙක්ටවත් ප්‍රතිපත්ථියක් නෑ – මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක

ලංකාවේ පක්ෂ 86ක් තියෙනවා, ඒත් එකෙක්ටවත් ප්‍රතිපත්ථියක් නෑ – මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක

by Plus One

“ලංකාවේ පක්ෂ 86 ක් තියනවා. නමුත් පක්ෂ තිබුනට ඒවාට ප්‍රතිපත්තියක් නැහැ. සමහරුන්ගෙන් ඇහුවාම ප්‍රතිපත්තිය මොකක්ද කියලා නිශ්චිතව කියන්න බෑ. සමහරවිට මෙම පක්ෂවලට ප්‍රතිපත්තියක් තිබුණද එම ප්‍රතිපත්ති වර්තමානයට උචිත අයුරින් යාවත්කාලීන වී නොමැත. එසේත් නැතිනම් මෙම පක්ෂ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ව්‍යවස්ථාපිත ප්‍රතිපත්තිමය රාමුවක් නැහැ” මෙලෙස අදහස් දැක්වූයේ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මැතිතුමාය.

මෑත කාලයේ හැමෝම කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් වන්නේ මැතිවරණයක් අවශ්‍ය බවයි.නමුත් මිනිසුන් මෙසේ ප්‍රකාශ කළද මැතිවරණය පිළිබඳව ඔවුන්ට න්‍යායාත්මක දැනුමක් නැත.

මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කල කරුණක් නම් පුරවැසියා හා ඡන්දදායකයා කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක්ද නැතිනම් එක් කෙනෙක්ද යන්න බවයි.එතුමාගේ අදහස් වලට අනුව පුරවැසියා හා ඡන්දදායකයා දෙදෙනෙක් බවයි. ඡන්දදායකයා යනු ඡන්ද මධ්‍යස්ථානයක් තුළට ගොස් ඡන්ද පත්‍රිකාවක් ඉල්ලීමට අයිතියක් ඇති පුද්ගලයෙක් බවයි.

එතුමාගේ අදහස් වලට අනුව සෑම පුද්ගලයෙක්ම ඡන්දදායකයෙක් නොවන අතර, ඡන්දදායකයෙක් වීමට නම් සපුරාලිය යුතු අවශ්‍ය කොන්දේසි තුනකි.
ඒවා නම්,
1. ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය.
2.වයස අවුරුදු 18ට සම්පූර්ණ විය යුතුය.
3. ඔහු යම්කිසි ප්‍රදේශයක පදිංචි කරුවෙකු විය යුතුය බවයි.

මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ තවත් කරුණක් නම් මැතිවරණ කොමිෂන් සභාව සහ එහි ක්‍රියාකාරිත්වය ගැන විවිධ විවේචන ඇති බවය.එසේම මෙම මැතිවරණ කොමිසම් සභාවේ හොඳ සමාජ ගතවනවාට වඩා එහි දුර්වලතා සමාජගත වීම වැඩි බවයි.වර්තමානයේදී ගොඩක් මිනිස්සු ප්‍රකාශ කරනු ලබන්නේ මෙම මැතිවරණ කොමිෂන් සභාව නිද්‍රාශීලීව සිටින බවයි.එහිදී එතුමා ප්‍රකාශ කරනු ලැබුවේ මැතිවරණ කොමිෂන් සභාව යනු ලාභ උපයන ආයතනයක් නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදු කරනු ලබන්නේ ව්‍යවස්ථාවට අනුව සිදු කරන ව්‍යවස්ථාපිත කාර්යභාරයක් බවත්ය.එම නිසා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයන් බොහොම නිහඬව කරන තත්ත්වයක් වර්තමානය ඇති බවත්ය.

එසේම එතුමා මෙම සාකච්ඡාවේදී විශේෂයෙන්ම පැවසුවේ පෙබරවාරි පළවෙනිදා තමයි 2024 ඡන්ද හිමි නාම ලේඛනය ගණන් ගන්නා දවස බවයි.එතුමා පැවසුවේ මේ අවුරුද්දේ විශේෂයෙන්ම තරුණ ඡන්දදායකයන් ඉලක්ක කරගන්නා බවයි.එනම් කතිරයට පෙර පළමු පියවර ලෙසයි.මෙම පෙබරවාරි පළවෙනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් බලාපොරොත්තු වෙනවා දිවයිනේ සියලූම දිස්ත්‍රික්කවල අලුත් ඡන්දදායකයින්ව ඡන්දය සදහා ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට.

ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ප්‍රතිපත්ති වලට වඩා ප්‍රතිපත්ති සංශෝධනය කරමින් එම පුද්ගලයන්ට අපහසුතාවයකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසන බවත් එතුමා ප්‍රකාශ කලේය.එසේම මෙම ආබාධිත පුද්ගලයන්ට හා දෘශ්‍යබාධිත පුද්ගලයන්ට මැතිවරණය පිළිබඳව නිවැරදි තොරතුරු දැනගැනීමට තිබෙන ඉඩකඩ සීමිත බැවින් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ පුළුල් කිරීමටද කටයුතු කරන බව පැවසීය.

සටහන් – B.M. සචිනි නුවන්ති

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions