Home » ලංකාවේ අර්බුධයට හේතුව IMF හෙළි කරයි

ලංකාවේ අර්බුධයට හේතුව IMF හෙළි කරයි

by Nirodha Gamage

රජයේ ආදායම් එකතු කිරීම් මගින් වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට ඇති නොහැකියාව ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල් වූ ප්‍රධාන හේතුව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පැවසීය.

ශ්‍රී ලංකාවට බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි යන මහත්වරුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර කළේය.

බාහිර ණය හිමියන් මෙම අසමතුලිතතාවය නිවැරදි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට සුදානම් නොමැති බව ඔවුන් පෙන්වා දී ඇත. පුද්ගලික අදායම් බදු සඳහා ශ්‍රී ලංකා රජය හඳුන්වා දී ඇති නව බදු අනුපාත මෙම අරමුණ ඉටු කරගැනීමේදී සහාය වන බව එම නිවේදනයේ දැක්වේ.එසේම මෙම බදු ප්‍රතිසංස්කරණ ණය හිමියන්ගේ විශ්වාසය නැවත ඇති කිරීමට උපකාරී වන බවද එම නිවේදනයේ සඳහන් වේ.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන බදු ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති බදු අනුපාත ජාත්‍යන්තරය සමඟ සංසන්දනය කරන විට එය ජාත්‍යන්තර බදු අනුපාත සමඟද අනුකූල වන බව එම නිවේදනයේ දැක්වේ.

2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට බදු ආදායම සියයට 7.3ක් පමණක් වන අතර, ලෝකයේ අඩුම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පෙන්වා දී ඇත. අත්‍යාවශ්‍ය වියදම් සඳහා රජයට අරමුදල් සොයා ගත හැක්කේ සුදුසු බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බව එම නිවේදනයේ දැක්වේ.නමුත් දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් බදු අයකරගැනීම් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් සිදු කළ යුතු බව මසහිරෝ නොසාකි සහ පීටර් බෘවර් යන මහත්වරුන් පෙන්වා දී ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions