කොළඹ හිටපු නාගරික කොමසාරිස් නීතීඥ රෝෂනී දිසානායක මහත්මිය බලය අතික්‍රමණය කරමින් කටයුතු කර ඇති බවට පසුගියදා පැවති කොළඹ මහ නගර සභා විශේෂ මහා සභාවකදී සාකච්ඡාවට ගනු ලැබිණ.
ඇයගේ ක්‍රියා කලාපය හේතුවෙන් සභාවේ කටයුතුවලට බාධා සිදුව ඇති අතර සබාවට මූල්‍යමය පාඩුවක් සිදුකර ඇතැයිද එයින් සභාවේත්, නාගරික කොමසාරිස් ධුරයේත් කීර්ති නාමයට හානිකර ඇති බවද විශේෂ විමර්ශන කමිටු වාර්තාවකින් අනාවරණය කර තිබේ. භූමි අලංකරන හා නඩත්තු ව්‍යාපෘතියක් අතරමග ඇණ හිටීමට හිටපු කොමසාරිස්වරිය ක්‍රියා බලපා තිබේ.
කොළඹ මහ නගර සභාවේ සංව්ධන කටයුතුවලට බාධාකරන පරිපාලන අකාර්යක්ෂතාවයන් පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද විශේෂ විමර්ශන කමිටුව විසින් අනාවරණය කරගත් කරුණු අනුව මෙම චෝදනා ඇය වෙත එල්ල වී තිබේ.