Home » රොෂාන්ගෙ New Era in Politics එළිදැක්වීම අද, කපුටු අතක් පිටිපස්සේද?

රොෂාන්ගෙ New Era in Politics එළිදැක්වීම අද, කපුටු අතක් පිටිපස්සේද?

by Plus One

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා අද ජනවාරි 18 වන දින අලුත් දේශපාලන වැඩක් ආරම්භ කිරීමට යන බව අපි පසුගිය දා වාර්තා කලා.

මේ සදහා අර්ජුන රණතුංග සම්බන්ධ වන අතර මිහින්තලේ නායක හිමියන්ද තවත් සිවිල් සංවිධාන නායකයන් කිහිප දෙනෙකුද සම්බන්ධ වීමට නියමිත බව ආරංචි වනවා.

අලුත් වැඩේ නම් කරලා තියෙන්නෙ ” සිව් බිය දුරලා තිරසර රටක් – දේශපාලන නව පරිච්ජේදයක් ” ලෙසයි.

ඇත්තටම රොෂාන් මවපු නිව්ස් හැටියට ලගදීම පරිච්ජේදයක් පෙරළන බව අපි දිගින් දිගටම කියා සිටියා. මැතිවරණය ලං වෙන්න ලං වෙන්න තව තව පිටු පෙරළන ඉඩත් තියෙනවා.

රොෂාන්ගේ වැඩේ පිටිපස්සෙ කපුටු අතක් ද?

මේ අලුත් වැඩේට බර පැන යොදවන්නෙ ජපානයෙ ව්‍යාපරිකයෙකු වන රුක්ෂාන් මාලින්ද කියලයි ආරංචිය. රුක්ෂාන් කියන්නෙ පසු ගියවර 2020 මහ මැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණෙන් ජන්දයට ඉදිරිපත් වූ බැසිල් රාජපක්ෂගේ ලගම හිතවතෙක්.

කොටින්ම අම්පාරට රුක්ෂාන්ව දැම්මෙ බැසිල්. බැසිල්ව නියෝජනය කරමින් විමලවීරලාට තරව්ටුවක් දෙන්න.

ජාතික ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණ අයිතිත් දැන් රුක්ෂාන්ට.

ඉතින් රොෂාන් මෙච්චර කල් ක්‍රීඩාවේ විනය කිය කිය අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවත් උකසට තබමින් වැඩ කලේ එතකොට බැසිල්ට ද කියලයි අපිට අහන්න වෙන්නෙ.

රොෂාන් විතරක් නෙවෙ, මිහින්තලේ හාමුදුරුවෝත් දූෂන වංචා ගැන කතා කලාට හාමුදුරුවෝගෙත් නූල තියෙන්නෙ බැසිල් රාජපක්ෂ අතේමද එතකොට?

විමසුම ඔබට භාරය

Connect with Us – https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions