Home » රෙහාන් සමගි තරුණ සංවිධානයේ උප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

රෙහාන් සමගි තරුණ සංවිධානයේ උප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

by Nirodha Gamage

වැලිගම නගර සභාවේ හිටපු සභාපති සහ වැලිගම සමගි ජන බලවේගයේ සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසන්නේ වසර අගදී සමගි තරුණ සංවිධානයේ උප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට බලාපොරොත්තු වන බවයි.

හිටපු නගර සභා ප්‍රධානියා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් තවදුරටත් ‘තාරුණ්‍ය’ ගණයට වැටෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත්, එබැවින් මෙම තීරණය ගෙන ඇති බවත්ය.

“මගේ වයස අවුරුදු 37 නිසා පමණක් නොව, තරුණයින්ට ඉහළම ස්ථාන අයිති බව මම තරයේ විශ්වාස කරන නිසා අප උපදේශන මට්ටමක සිටියයුතු බැවින් මෙම තීරණය ගනිමි” ඔහු අද (09) සිය ට්විටර් ගිණුමේ ලියා තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions