Home » රුසියාවට එරෙහිව ශ්‍රීලංකාව ඡන්දය නොදෙයි

රුසියාවට එරෙහිව ශ්‍රීලංකාව ඡන්දය නොදෙයි

by Nirodha Gamage

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී රුසියාවට එරෙහි යෝජනාවට ඡන්දය දීමෙන් ශ්‍රී ලංකාව නැවත වරක් වැළකී සිටියේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යුක්රේනයේ යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා සිටි අතර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව රුසියාව වහාම රටින් ඉවත් විය යුතු යැයි ඉල්ලා සිටියේය.

ඊයේ (බ්‍රහස්පතින්දා) යලි ආරම්භ කරන ලද එකොළොස්වන හදිසි විශේෂ සැසියේදී, යුද්ධය අවසන් කිරීම සඳහා කැඳවුම් කරන නව යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලදී.

සාමාජික රටවල් 141ක් යෝජනාවට පක්ෂව සහ විපක්ෂව හතක් ඡන්දය ප්‍රකාශ කර සිටියේය. – බෙලරුස්, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව, එරිත්‍රියාව, මාලි, නිකරගුවාව, රුසියාව සහ සිරියාව මෙසේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ඡන්දය දීමෙන් වැළකී සිටි 32 දෙනා අතරට ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව සහ පකිස්තානය ඇතුළත් විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions