ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලැබී රනිල්ගේ ආණ්ඩුව පැලෙන්න සතුටු වෙමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
රුපියල යම් ප්රමාණයට ශක්තිමත් වී ඇත්තේ ලෝක බැංකුවෙන් ලබාගත් මෙම ඩොලර් මිලියන 400ක ණය මුදල හේතුවෙන් බවත් අද වන විට බංගලාදේශයෙන් ගත්ත ඩොලර් මිලියන 200 ක ණය මුදල ගෙවා ගන්නට හැකියාවක් නැති බවත්, තවත් ඩොලර් කෝටි 5500 ණය මුදලක් රටක් ලෙස ගෙවිය යුතු බවත් ඔහු කියා සිටියේය.