Home » “රැඩිකල් වෙනසක්” මාර්තු 29 බදාදා හවස 4.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී

“රැඩිකල් වෙනසක්” මාර්තු 29 බදාදා හවස 4.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී

by Nirodha Gamage

රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, සංහිඳියාව නිර්මාණය කිරීමට හා වංචාව හා දූෂණය පිටු දැකීම වෙනුවෙන් සංවිධානය කරන සංවාද මාලාවේ පළමුවැන්න හෙට මාර්තු (29) සවස 4.30 ට කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මාහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, මාහාචාර්ය ජී.එල්.පීරිස්, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, නීතීඥ රණීකා ත්‍යාගරාජ් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆේරියල් අෂ්රෆ් මෙහිදී අදහස් දැක්වීමට නියමිතයි.

රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, ශ්‍රී ලංකාව තුළ සමාජ, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්ගේ රැඩිකල් ව්‍යුහාත්මක වෙනස්කම් වෙනුවෙන් ක්‍රියාකාරීවන දේශපාලන ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකි අතර ජාතික ව්‍යාපාරය “එක්සත් රටක් සංවර්ධිත හෙටක්” වෙනුවෙන් කටයුතු කරනු ඇති.

රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ විශේෂත්වය වන්නේ, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට තරුණ දේශපාලන කණ්ඩායමක් විසින් රැඩිකල් සමාජ වෙනස්කම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් ඔස්සේ සටන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ පූර්වාදර්ශයක් සපයනු ඇති බැවිනි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions