Home » රාජය අමාත්‍ය සනත් නිශාන්ත මරුට

රාජය අමාත්‍ය සනත් නිශාන්ත මරුට

by Plus One

කටුනායක අධිවේගී මාර්ගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී අද පාන්දර 2ට පමණ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි ජීප් රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි. අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුලත් කෙරිණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ජයකොඩි නම් පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions