Home » රාජපක්ෂවරු බිත්තියට හේත්තු කරන්න රනිල් වැඩ පටන් අරන්

රාජපක්ෂවරු බිත්තියට හේත්තු කරන්න රනිල් වැඩ පටන් අරන්

by Plus One

වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට තමන්ගේ මීළග ගේම් එක පටන් අරගෙන බවට ආරංචි වෙනවා. තනි මන්ත්‍රීවරයෙකු ලෙස ලද අවස්තාවන් භාවිතා කරමින් තම බලය තහවුරු කරගත් ඔහුට ඇති ලොකුම බාධාව පාර්ලිමේන්තුව තුල ඔහු නියෝජනය කරන්නට සිටින්නේ එක් මන්ත්‍රීවරයෙකු වීමයි. 

2020 මහමැතිවරණයෙන් අන්ත පරාජයක් ලද ජනපතිගේ පක්ෂය මේ වන විට යලි ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති අතර එය දැන් පොහොට්ටුවේ සරණාගත කදවුර කර ඇත. ඉදිරියේදි පොහොට්ටුවෙන් මැතිවරණ ජයගත නොහැකි වග ගනන් බලා ඇති ඇතැම් ප්‍රභල පොහොට්ටු මන්ත්‍රීවරුන් මේ වන විට හොර රහසේම ජනාධිපතිතුමා සමග පුද්ගලිකව මේ ගැන සාකච්චා කරන බව ආරංචි වනවා. 

කෙසේ වෙතත් රනිල් කියන්නෙ නගින ඉණිමගට පයින් ගහන එක්කෙනෙක්. හැම වෙලේම හිතන්නෙ තමන්ගෙ බලය ගැන විතරයි. ඒනිසා රාජපක්ෂලාව ආරක්ෂා කර කර ඉන්නවට වඩා 2024ත් ආයෙම ජන්දයකින් ජනාධිපති වෙන්න තමා මේ හදන්නෙ. ඒකට තමන්ගෙ අලියාගෙන් තව පිරිසක් පාර්ලිමේන්තුවට රනිල් ගනි. ආරංචි විදියට කෙහෙළිය, ප්‍රසන්න ඇතුලු පොහොට්ටුවෙ 40කුයි සජබෙ 10කුයි රනිල් දැනටම සාක්කුවේ දාගෙන ඉවරයිලු. 

එහෙම උනොත්නම් නාමල් බෙබිගෙ ජනපති හීනෙ විතරක් නෙවෙ මුලු රාජපක්ෂලාම Left වෙයි වගෙ,

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions