Home » රනිල් සමග නව සන්ධානයක් SJBයෙන් පිරිසක්

රනිල් සමග නව සන්ධානයක් SJBයෙන් පිරිසක්

by Nirodha Gamage

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නුදුරේම ඇතිවන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

සංචාරක හා ඉඩම් ආමාත්‍යවරයා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක හමුවක් අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ

Gota Go Home අරගලය ආරම්භ කිරීම සඳහා තමන් ඇතුළු කණ්ඩායම් මුල්වූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වාඩිවී විරෝධය පළ කරන ලෙස වර්තමාන ජනාධිපති එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තමන්ට උපදෙස් දුන් බවත්ය. එවකට තමන් සමගි ජන බලවේගය නියෝජනය කළත් රනිල් වික්‍රමසිංහ සමග සමීපව කටයුතු කළ බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කිසිවිටෙකත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වාඩිවීම සඳහා කැමැත්තක් නොදැක්වූ බවත් ය.

මෙහිදී සමගි ජන බලවේගය දැඩිව විවේචනය කළ අමාත්‍යවරයා කියා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය මැතිවරණ ඉල්ලා සිටියද මේ අසීරු ආර්ථික අභියෝගය හමුවේ මැතිවරණ පැවැත්වීමට වඩා අහාර, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය කරුණු වෙනුවෙන් මුදල් වියදම් කළ යුතු බවයි. එසේම රට දියුණු කරන ආකාරය පිළිබඳ තමන්ගේ හිසෙහි අදහසක් ඇති බවද වසරක කාලයක් මේ සඳහා අවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සති දෙකක කාලය තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් නව සන්ධානයක් ගොඩනගන බවත් සමගි ජන බලවේගයේ විශාල පාර්ශවයක් මේ සඳහා තමන් සමග සාකච්ඡා කර ඇති බවත්ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions